පාර්ලිමේන්තු මන්ත්‍රි අමරකීර්ති අතුකෝරාළ මහතා නිට්ටඹුවේදී ඝාතනය වන අවස්ථාවේ, ඒ අසළ ආයුධ සන්නද්ධව සිටි බව කියන හමුදා නිලධාරීන් දෙදෙනා ඇතුළු සෙබලුන් ‘ඉහළ නියෝග නැතැයි’ කියමින් එහි සිටි පොලිස් නිලධාරීන්ගේ සහයට නොපැමිණීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා ඊට දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නැයි ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුව, ආරක්ෂක අමාත්‍යංශයට දැනුම් දී තිබෙනවා.
එම කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතාගේ අත්සනින් යුතුව, මෙම දැනුම් දීම රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා වෙත මේ බව දන්වා යවා ඇත.
මෙහි පිටපත් ආරක්ෂක ලේකම්වරයාට, ත්‍රිවිධ හමුදාපතිවරුන් හා පොලිස්පතිවරයා වෙත ද යොමු කර තිබෙනවා.
ඉකුත් මැයි මස 9 වැනි දින මෙම ඝාතනය වන අවස්ථාවේ නිට්ටඹුව නගරයේ යුද හමුදාවට අයත් ට්‍රක් රථයක් සහ බස් රථයක් ස්ථානගතව තිබූ අතර එහි යුද හමුදා නිලධාරීන් දෙදෙනකු හා සෙබලුන් කණ්ඩායම් දෙකක් ද සිට ඇති බවයි එමගින් පෙන්වා දී ඇත්තේ.
අතුකෝරාළ මන්ත්‍රීවරයා වාහනයෙන් බස්සවා පහර දෙනවිට ආරක්ෂක නිලධාරියා සමග දිව ගොස් අසළ තිබූ ගොඩනැගිල්ලට ගිය මොහොතේ ඔවුන්ගේ ආරක්ෂාවට සේවකයන් එහි දොර වසා ආරක්ෂාව සලසා දී ඇතැයි ද එම ලිපියේ සඳහන්.
ඉන්පසු මැරයන් දොර කඩා ගොඩනැගිල්ලට ඇතුළුවීමට සූදානම් වන මොහොතේ, නිට්ටඹුව පොලිස් ස්ථානාධිපතිවරයා දිව ගොස් යුද හමුදා නිලධාරීන් දෙදෙනාගෙන් මන්ත්‍රිවරයා බේරා ගැනීමට පැමිණෙන මෙන් ඉල්ලා ඇතත්, ඔවුනට ඉහළින් උපදෙස් දී නැති බැවින් එතැනින් ඉවත්ව යාමට නොහැකි බව දැනුම් දී තිබෙනවා.
එසේ කියමින් හමුදා කණ්ඩය එතැනම රැඳී සිටින අවස්ථාවේ, මැරයන් පිරිස දොර කඩා ඇතුළු වී මන්ත්‍රීවරයාට පොලු මුගුරුවලින් පහර දී උඩ සිට පහළට දෙපාවලින් පඩි පෙළ දිගේ ඇදගෙන ගොස් තිබෙනවා.
ඉන්පසුව සිරුරු දෙක ද මහ පාරේ බොහෝ වේලා තිබී ඇති අතර නිට්ටඹුව පොලිස් ස්ථානාධිපතිවරයා පොලිස් පොත්වල ද සටහන් දමා තිබුණේ, මන්ත්‍රිවරයා බේරාගැනීමට හමුදාවේ සහය නොලැබීම පිළිබඳවයි.
හමුදා නිලධාරියකුට කුමන නියෝගයක් ලැබී තිබුණද තමා සහ තම භට පිරිස ආයුධ සන්නද්ධව සිටී නම් එය වළක්වාලීමට විශේෂ උපදෙසක් අවශ්‍ය නොවන බවත්, මෙම ඝාතනයට පෙර මැර පිරිස බස් රථයක් නවතා මගීන්ට පහර දෙන විටත් ඒ දෙස බලාගෙන සිට ජනතාවගේ ආරක්ෂාව සඳහා තම සහය ඒ මොහොතේ අත්‍යවශ්‍ය බව ඉහළට දැන්වීම එහි සිටි නිලධාරීන්ගේ යුතුකමක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි සරත් වීරසේකර මහතා එම ලිපියෙන් පෙන්වා දී අවධාරණය කර තිබෙනවා.
එහි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, හමුදාව ක්‍රියාත්මක වී මන්ත්‍රිවරයා කොටුව සිටි ගොඩනැගිල්ල වෙත ගොස් පොලිසියට සහය දුන්නා නම්, මන්ත්‍රිවරයාත්, ඔහුගේ ආරක්ෂකයාත් බේරාගැනීමට ඉඩ තිබූ අතර එසේ වී නම් ඔවුන් යුද අධිකරණය හමුවට යනවා වෙනුවටව ජනතා ප්‍රශංසාවට ලක්වීමට ද ඉඩ තිබූ බවයි.
මිනිස් ජීවිතයක් බේරාගැනීමේ වටිනාකම නොදන්නේ නම් ඔවුන් නිලධාරි තනතුර දැරීමට ද සුදුසු නොවන බව එම ලිපියෙන් පෙන්වා දී තිබෙනවා.
මෙම අපරාධය සිදුවන තුරු බලා සිටීම එම හමුදා නිලධාරීන් විසින් කරන ලද බරපතළ වරදක් බවත්, මේ පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් පවත්වා එවැන්නක් සිදුවී නම් නිලධාරීන්ට විරුද්ධව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ඉල්ලා තිබේ.
එලෙස දැඩි පියවරක් ගැනීම සේවයේ සිටින අනෙක් තරුණ නිලධාරින්ටද මහඟු ආදර්ශයක් වන බවද පෙන්වා දී ඇත.
මෙම ඝාතනය සඳහා අරගලකරුවන් මෙහෙයවා ඇත්තේ සේවයේ යෙදී සිටි කමාන්ඩෝ භටයකු බවත්, මෙමගින් කඩාකප්පල්කාරී දේශපාලන පක්ෂවල අතකොලු හමුදාවට රිංගා ඇති බවට හෙළිවන බවත්, එය ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන බැවින් එවන් චින්තනයන් තිබෙන තවත් අය හමුදාවේ සිටීදැයි සොයා බැලීමට විශේෂ අධ්‍යයනයක් කරන ලෙසද එම ලිපියෙන් වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා.

- monara