gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කැබිනට් සංශෝධනයේ දී ජනාධිපතිවරයා ක්‍රියා කළ හැටි ගැන පක්ෂයක් විදිහට දැඩි විරෝධය පල කරනවා… පොහොට්ටුව කියයි

ජනාධිපතිවරයා එම ධූරයේ හිඳුවා ඔහුට රජය පිටුවා කටයුතු කිරීම සඳහා පූර්ණ සහයෝගය දුන් පොදු ජන එක්සත් පෙරමුණ සම්බන්ධව නොසලකා ජනාධිපතිවරයා නව කැබිනට් සංශෝධනයේ දී  ගත් අදූරදර්ශී තීන්දුව පිළිබඳව පක්ෂයක් ලෙස පොදුජන පෙරමුණට දැඩි කණසල්ලක් විරෝධයක් මෙන්ම කනස්ල්ලක් ඇති බව  එම පෙරමුණේ  මහ ලේකම් නීතිඥ  සාගර කාරියවසම් පැවසීය.

ඔහු පවසන්නේ දැඩි කලකිරීමකින් සිටියත් මේ මොහොතේ දී ජනාධිපතිවරයාට සහයෝගය ලබා නොදීම සඳහා පක්ෂයක් ලෙස තීන්දුවක් ගෙන නැති මුත් අනාගතයේ දී ඒ පිළිබඳව සලකා බලන්නට සිදුවන තැනකට පක්ෂය පත් වී ඇති බවය.

මහ ලේකම්වරයා මෙසේ ද  පැවසීය.

“මේ කැබිනට් සංශෝධනය සිදුවූ ආකාරය ගැන  අපේ යම් කිසි කනස්සල්ලක් තියනවා. අපි ඒ ගැන ජනාධිපතිතුමාව දැනුම්වත් කළා. මේ පාර්ලිමේන්තුවේ දි ජනාධිපතිතුමාට රජය ගෙනියන්න ශක්තිය දෙන්නේ ශ්‍රී ලංකා  පොදු ජන පෙරමුණ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අති බහුතරයක් තමයි මේ ශක්තිය ලබා දෙන්නේ.”

“ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු 05 දෙනයි ඉන්නේ. එතැනදිත් පොදු ජන පෙරමුණට තිබුණ ඇමති ධූරයක් ගලවලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දීලා තියනවා.  රාජ්‍ය ඇමති ධූරයකුත් තවත් අලුතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දීලා තියනවා. ඒ සම්බන්ධව අපි සතුටු වෙන්නේ නෑ. ඒක වැරදි දෙයක්. වැරදි දේ කියන්න අපි බය වෙන්නේ නෑ. ජනාධිපතිතුමා උනත් වැරදි කරනවා නම් වැරදියි. ඒ වැරදි දේ ගැන අපි ප්‍රකාශ කර සිටිනවා.

ජනාධිපතිවරයාට එසේ නොකර ඉන්න තිබුණා.

මේ සම්බන්ධයෙන් පක්ෂයක් ලෙස අප දැඩි කනස්සල්ලෙන් ඉන්නේ. පක්ෂයක් ලෙස අපට විශාල කලකිරිමක් තියනවා. වේදනාවක් තියනවා. එතුමාට ජනාධිපති ධූරය අරන් දීලා එතුමාට ශක්තිය ලබා දීල එතුමා අපට මේ විදිහට කරන එක ගැන.

නමුත් අපි පක්ෂයක් ලෙස තීරණයක් අරන් නෑ ජනාධිපතිවරයාට  සහාය නොදී ඉන්න. අනාගතයේ දී ඒ සම්බන්ධව පක්ෂයක් ලෙස තීරණයක් අරගන්න වේවි. මන්ත්‍රීවරයා පැවසුවේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka