විධායක ජනාධිපති ඕනද?.. එපාද?.. ජනමත විචාරණයක්!
මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සඳහා වන කැබිනට් පත්‍රිකාවක් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කල යුතුද යන්න පිළිබඳව මහජන මත ජනමත විචාරණයක් පවත්වා විධායක අගමැති වරයෙකු සමඟ පාර්ලිමේන්තුව තවදුරටත් ශක්තිමත් කිරීමට කටයුතු කරනු ඇති බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.
ජනමත විචාරණයක් කැඳවා එහි ප්‍රතිඵල මත එළඹෙන වසරේ පැවැත්වීමට නියමිතව ඇති ජනාධිපතිවරණයට අදාළ නීති සංශෝධනය සිදු කිරීමෙන් පසු එය කල් දැමීමට බොහෝ දුරට ඉඩ ඇති බවද වාර්තාවේ සදහන්ය.
කෙසේ වෙතත් මෙම සූදානමකට ප්‍රධාන දේශපාලන පක්ෂ පාර්ලිමේන්තුවේ දී විරෝධය පළ කිරීමට සූදානමින් සිටින බවද පුවත් වාර්තාව තව දුරටත් කියා සිටී.

2023-10-12T11:28:00+05:30
Gossip Lanka Hot News