ජනාධිපතිවරණයට තරඟ වදින අපේක්ෂකයෙකු තැන්පත් කළ යුතු ඇප මුදල රුපියල් ලක්ෂ 26 ක් දක්වා වැඩි කිරීමට යෝජනා කර තිබේ. මෙතෙක් පිළිගත් දේශපාලන පක්ෂයකින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් තැන්පත් කල යුත්තේ රුපියල් 50,000ක මුදලක් වන අතර රුපියල් ලක්ෂ 26 දක්වා වැඩි කිරීමට යෝජනා වී ඇත්තේ.
ස්වාධීන අපේක්ෂකයෙකු තැන්පත් කළ යුතු ඇප මුදල දැනට පවතින රුපියල් 75,000 ක සීමාවේ වන අතර එය රුපියල් ලක්ෂ 31 දක්වා ඉහළ දැමීමට යෝජනා වී ඇත.
මෙසේ තැන්පත් කරන අප මුදලින් රුපියල් ලක්ෂයක් ආපසු නොගෙවන ඇප මුදල් වන අතර අනෙක් මුදල් ආපසු ගෙවන ඇප ලෙස තැන්පත් කිරීමට ද යෝජනා වී ඇත.
ඒ සමගම පාර්ලිමේන්තු, පළාත් සභා හා පළාත් පාලන ආයතනවල අපේක්ෂකයන් ද තරග කිරීමේ දී තැන්පත් කළ යුතු ඇප මුදල ද ඉහළ දැමීමට යෝජනා වී තිබේ.