මුල්ලේරියාවේ පදිංචි ප්‍රදීපා ද සිල්වා නම් කාන්තාවගේ ඝාතනය,ලක්ෂ 50ක ගනුදෙනුවක් මුල් කර ගනිමින් සිදු වුවක් බවට අනාවරණ වී තිබෙනවා. ප්‍රධාන සැකකරුගේ පාපොච්චාරණයක් මත මෙම තොරතුරු අනාවරණය වී ඇති බවයි වාර්තා වන්නේ.
මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ව්‍යාපාරිකයාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ තමා සහ කාන්තාව අවන්හලේ සිට මෝටර් රථයෙන් පැමිණෙමින් සිටියදීත් බහින්බස් වීමක් සිදුවීමෙන් පසු කඩුවෙලට නුදුරින් පිහිටි පාලමක් අසලින් ඇය බැස ගිය බවයි.
පසුව ඇය ත්‍රීරෝද රථයක නැගී සපුගස්කන්ද නිවසට පැමිණි අවස්ථාවේදී කපුවා සමග බහින්බස් වී ඇති බවද ව්‍යාපාරිකයා පවසා තිබේ.
ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ තමා නිවසට පැමිණෙනවිටත් කපුවා විසින් කාන්තාව ඝාතනය කර තිබුණු බවයි.
එම අවස්ථාවේදී "උඹ කළානම් උඹ භාරගනින්" යැයි තමා කපුවාට බැන වැදුණු බවත් පසුව ඔහු, සිරුරින් අත් පා වෙන් කර සිරුර ඇළ මාර්ගයට රැගෙන ගොස් එහි දැමූ බවත් ඔහු පවසා තිබේ.
පොලිසිය පැවසුවේ, ඝාතනය සම්බන්ධයෙන් තවදුරටත් ප්‍රශ්න කිරීම් සිදු කෙරෙන බවයි.

![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhNE-1wLKgi1l4M6KSJb-eRxbLpbweyBpPqIKgRc3coR6qmQxk5-JOJWIj4QiMCraxgL9_MzB0V_rFKq57arYNXKkRuvQUYqGaJb78HVCnY-ScE9pfuoos69YGZhXwDxzGYEhur4IOYpRGX/s1600/shareit.jpg)