gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

බණට වඩින්න ගමේ පන්සල හතලිස්දාහක් ඉල්ලයි... සල්ලි නැති නිසා පිට පන්සලකින් කැදවු හිමියන් ගුටි පූජාවකින් රෝහලේ!

කලවැදි උල්පත ගම්මානයේ නිවසක ධර්ම දේශනාවක් සඳහා වැඩම කළ පදවිය ප්‍රදේශයේ වන වාසී භික්ෂුවකට 100ක පමණ පිරිසක් එක්වී පහරදී ඇත.

සිදුවීම පාලනය කිරීමට පොලීසිය එම අවස්ථාවේ මැදිහත්ව ඇති අතර අහසට වෙඩි තැබීමක් ද සිදුකර ඇත.

අදාල දානමය කටයුත්ත පැවැති නිවසේ පුද්ගලයා ගමේ විහාරස්ථානයේ හිමියන්ට දානයට බණට ආරාධනා කළද රුපියල් 40,000 ක මුදලක් දායක සභාවට නොගෙවන්නේ නම් පින්කමට වැඩම නොකරන බව දායක සභාව විසින් දන්වා තිබේ.

මෙම මුදල නියම කර ඇත්තේ එම පන්සලේ දාන වේල් තුනක් ලබාදීමට අතපසු වීම හේතුවෙන් එම දාල වේල්වල පිරිවැය ලෙස ගණනය කරමිනි.

නමුත් එම මුදල ගෙවීමට නොහැකි වීමෙන් වෙනත් පන්සලක භික්ෂුවට මෙම පින්කමට ආරාධනා කර තිබේ.

එම ආරාධනාව පිළිගෙන ගම්මානයට වැඩම කළ හිමියන්ට මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර උන් වහන්සේ රෝහල්ගතව ප‍්‍රතිකාර ලබයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka