gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

EPF සල්ලි කෝටි 500ක් කොල්ලුපිටියේ සුදු අලියකු ළඟ!

සේවක අර්ථසාධක අරමුදල විසින් ලැයිස්තුගත නොවූ සමාගම්වල කොටස් ආයෝජන කිරීම යටතේ රුපියල් මිලියන 5,000ක මුදලක් හෝටල් සංකීර්ණයක් ඉදිකිරීම සඳහා ආයෝජනය කොට වසර 09ක් ගතවී තිබුණද එකී ආයෝජනයෙන් කිසිදු ප්‍රතිලාභයක් මේ දක්වාම අරමුදලට ලැබී නැති බව ජාතික විගණන කාර්යාලය මඟින් නිකුත්කොට ඇති වාර්තාවක සඳහන් වේ.

ලැයිස්තුගත නොවූ සමාගම්වල කොටස් ආයෝජනයෙන් සියයට 53ක් 2013 වර්ෂයේදී හෝටල් සංකීර්ණය ඉදිකිරීම සඳහා ආයෝජනය කොට තිබිණි. මෙකී හෝටල් සංකීර්ණයේ ඉදිකිරීමට අදාළව කොල්ලුපිටියේ ග්‍රැන්ටි හයිට් ව්‍යාපෘතියේ ඉදිකිරීමේ කටයුතු 2020 ජූලි මාසයේදී නැවත ආරම්භකොට තිබිණි.

කෙසේ වුවද ඒ සඳහා අවශ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිදුකිරීමටත්, මූල්‍ය අවශ්‍යතා රැස්කිරීමටත්, අධ්‍යක්ෂ මණ්ඩලයට අවශ්‍ය බලතල ලබාදීම සිදුකොට ඇත්තේ 2022 වර්ෂයේ ජනවාරි මාසයේදීය. සැලසුම් කළ පරිදි හෝටල් සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු 2021 වර්ෂයේ දෙසැම්බර් මස අවසන් කළයුතු වුවද 2022 වර්ෂය තුළදීවත් එහි ඉදිකිරීම් කටයුතු අවසන් වී නොතිබිණි. ආයෝජනයන් සිදුකිරීමේදී සාමාජිකයන්ට ඉහළ ප්‍රතිලාභ ලබාදීමට හැකිවන පරිදි “අවදානම අවම වන” ප්‍රශස්ත ආයෝජනයන් සිදුකළ යුතු බවට විගණනය මඟින් නිර්දේශකොට ඇත.

ලලිත් රුහුණගේ
– Mawbima


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka