gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඩලස්, අනුරයාපා, ඩිලාන් ඇතුළු 25කගේ මන්ත‍්‍රීකම් ඉවරයි.. පොහොට්ටුවෙන් තීන්දුයි.. විමල්, උදය, වාසු බේරේ!

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පාර්ලිමේන්තු මන්ත්‍රී නසීර් අහමඩ් එම පක්ෂයෙන් නෙරපා හැරීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කිරීමත් සමග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද එම පක්‍ෂ මන්ත්‍රීන් විසි පස් දෙනකුට පමණ එවැනි විනය ක්‍රියාමාර්ග ගැනීමට සලකා බලමින් සිටී.

පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් විශාල පිරිසක් විනය කඩ කර ඇති බවත් ඉන් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු විපක්ෂයටද එක්ව සිටින බවත් ය.

අධිකරණ තීන්දුවෙන් පසු ඔවුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට බරපතල ලෙස සලකා බලමින් සිටින බවද පැවසූ මන්ත්‍රීවරයා මේ සතියේ රැස්වී ඔවුන්ට එරෙහි ඉදිරි ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කරන බවද සඳහන් කළේය.

කෙසේ නමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානගත වෙමින් එක් වූ වෙනත් උදය ගම්මන්පිල, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර වැනි මන්ත්‍රීවරුන් හා ඔවුන්ගේ පක්ෂවල මන්ත්‍රීවරුන්ට එරෙහි විනය ක්‍රියාමාර්ග ගැනීමට නොහැකි වනු ඇති බවද හෙතෙම පැවසීය.

ඩිලාන් පෙරේරා, ඩලස් අලහප්පෙරුම, අනුර යාපා ඇතුළු පක්ෂයේ තීන්දුවට පටහැනිව ක්‍රියාකල මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග සලකා බලන බවද මහ ලේකම්වරයා තවදුරටත් කියා සිටියේය.

පක්ෂයෙන් නෙරපා හැරීමෙන් පසුව මන්ත්‍රීවරයකුට සිය මන්ත්‍රී ධුරය අහිමි වෙයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka