gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

තරුණ තරුණියන් දන්නවා සමාජ ජාලාවලින් වෙලා තියෙන විනාශය.. යාලු වෙලා තරහ වුණාම නිරුවත් පින්තූර එලියට දානවා - මහින්දානන්ද

ජනාධිපතිවරණය පැවැත්විමට තවත් වසර දෙකක කාලයක් පවතින බවත්, එම කාලය තුල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තම පක්ෂයේ සහයෝගය ලබාදෙන බවත්, ඉන් අනතුරුව පැවැත්වෙන ජනාධිපතිවරණයේදි ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණෙන් ජනාධිපති අපෙක්ෂකයෙකු ඉදිරිපත් කරනවාද නැතහොත් පොදු අපෙක්ෂකයෙකු ඉදිරිපත් කරනවාද යන්න පිලිබදව සලකා බලන බව මහනුවර දිස්ත්‍රික් පා.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඒ බැව් කියා සිටියේ (08) දින පස්වරුවේ නාවලපිටිය ආසනයේ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ආසන බල මණ්ඩල ප්‍රතිසංවිධාන කටයුතුවලට එක් විමෙන් අනතුරුව පැවති රැස්විමකදි අදහස් දක්වමිණි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ,

‘විපක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ සමාජ මාධ්‍ය තහනම් කරන්න හදනවා කියලා රටේ මතයක් හදනවා , ආණ්ඩුව කිසිසෙත් සමාජ මාධ්‍ය තහනම් කරන්නේ නැ.

ආණ්ඩුව හදන්නේ සමාජ මාධ්‍ය නියාමනය කිරිමක් කරන්න , මේ රටේ තරුණ තරුණියෝ දන්නවා සමාජ මාධ්‍ය නිසා මේ රටේ වෙලා තියෙන විනාශය, අහිසංක තරුණියකට තරුණයෙක් එක්ක යාලු වෙන්න බැ , තරහ වුණාම නිරුවත් ඡායාරුප සමාජ මාධ්‍යයට දානවා.

මේ නිසා සමාජ මාධ්‍ය නියාමනයක් කරන්න ඕනි , ජනතා විමුක්ති පෙරමුණ සහ විපක්ෂය උත්සහ කරනවා සමාජ මාධ්‍ය තහනම් කරනවා යැයි පවසමින් අරගලයක් කරලා ආණ්ඩු බලය ලබා ගන්න පුළුවන්ද කියලා.

මේ රටේ මිනිස්සුන්ට ඕනි සමාජ මාධ්‍ය නෙවෙයි ජිවත් විමේ අයිතිය, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දෙවන ණය මුදල ඔක්තොම්බර් හෝ නොවැම්බර් මස ලබාදෙයි.

ඒ ණය මුදලත් , 2024 වසරේ අයවැයත් එක්ක සහන රැසක් ලබාදෙමින් අපිට ඉදිරියට කටයුතු කරන්න පුළුවන්.

ජනාධිපතිවරණයකට යන්න තව අවුරුදු දෙකක් තියෙනවා , අපි ඉදිරි අවුරුදු දෙක සදහා රනිල් වික්‍රමසිංහ මහතාට සහය දෙන්න කටයුතු කරනවා.

අපි ඉදිරියේදි බලනවා ජනාධිපතිවරණය සදහා අපේ පක්ෂයේ අපෙක්ෂකයෙක් ඉදිරිපත් කරනවාද නැත්තම් ඔක්කොම එකතු වෙලා පොදු අපෙක්ෂකයෙක් ඉදිරිපත් කරනවාද කියලා’

– රංජිත් රාජපක්ෂ


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka