ජනාධිපති, අගමැති, ඇමැතිවරු ඇතුළු සියලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ වත්කම් ලබන වසරේ (2024) ජූලි මාසය වන විට නව වෙබ් අඩවියකින් ප්‍රසිද්ධ කිරීමට පියවර ගන්නා ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට නිර්දේශ කර තිබේ.
එමෙන්ම අධිභාර අයකර ගැනීම සඳහා විගණකාධිපතිවරයාට බලය පැවරෙන ලෙස ජාතික විගණන පනත සංශෝධනය කරන ලෙස ද නිර්දේශ කර තිබෙන අතර ප්‍රධාන ගිණුම් නිලධාරීන් ඇතුළු නිලධාරීන් සිය වගකීම නිසි ලෙස ඉටු කිරීමට අසමත්වීම අධීක්ෂණය කිරීමට විගණකාධිපතිවරයාට බලය හිමි විය යුතු බවත් එහි සඳහන් වෙයි.

තවද සේවක අර්ථ සාධක අරමුදල මහ බැංකුවේ ඍජු කළමනාකරණයෙන් වෙනස් කිරීම සඳහා ලබන වසර ඇතුළත නව කළමනාකරණ ක්‍රියාවලියක් ස්ථාපිත කිරීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන ලෙසත් නිර්දේශ කර තිබේ.
මූල්‍ය අරමුදල මෙම නිර්දේශ කර ඇත්තේ ශ්‍රී ලංකාවට තාක්ෂණික සහය ලබා දීම පිළිබඳ සහ පාලනයේ විශ්ලේෂණාත්මක ඇගැයීම සම්බන්ධයෙන් නිකුත් කරන ලද නව වාර්තාවෙනි.
නිර්දේශ දහසයක් එම වාර්තාවේ ඇතුළත් වෙයි.
පාර්ලිමේන්තුවේ පූර්ව අනුමැතියකින් තොරව අමාත්‍යාංශ අධිකාරිය ඉවත් කිරීමට හෝ සීමා කිරීමට අදාළව බදු නීති සංශෝධනය කරන ලෙසත් එවැනි වෙනස්කම් මගින් ආදායම් පාඩු ඇති නොවන බවට වග බලා ගත යුතු බවත් එහි සඳහන්ව ඇත.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් පත් කිරීම සඳහා ලබන මාසය වන විට විද්වත් උපදේශක කමිටුවක් පිහිටුවන ලෙසත් නිර්දේශ කරනු ලැබ තිබේ.
එමෙන් ම රුපියල් බිලියනයකට වැඩි ටෙන්ඩර් ගිවිසුම් හා කොන්ත්‍රාත්ලාභීන් පිළිබඳ සියලු තොරතුරු ලබන වසරේ මාර්තු මාසයේ සිට වෙබ් අඩවියකින් ප්‍රසිද්ධියට පත් කරන ලෙසත් ආයෝජන මණ්ඩලයෙන් බදු නිදහස ලබන සමාගම් ලැයිස්තුවක් සමග එලෙස බදු නිදහස් කිරීමේ වටිනාකම් ද සුඛෝපභෝගී වාහන ආනයනය සඳහා බදු නිදහස ලබන සමාගම් ලැයිස්තුව ද ප්‍රසිද්ධ කළ යුතු බවත් නිර්දේශ කර තිබේ.
ලබන වසරේ දෙසැම්බර් මාසය වන විට ජාත්‍යන්තර තත්ත්වයේ රාජ්‍ය ප්‍රසම්පාදන නීතියක් ඇති කළ යුතු බවත් එම වාර්තාවේ නිර්දේශ අතර වෙයි.
– Aruna