පසුගියදා පැවති කැබිනට් සංශෝධනය සමග දේශපාලන වේදිකාව රත් වූ බවක් පෙනෙන්නට තිබිණි.විශේශයෙන්ම පොහොට්ටු මහ ලේකම් සාගර කාරියවසම් එළිපිටම රනිල් වික්‍රමසිංහගේ ක්‍රියා කලාපය විවේචනය කර තිබිණි.පොහොට්ටුව තැන් දෙකකදී රැස් වූ අතර ඉන් එකක් රැස්වූයේ මලලසේකර මාවතේ පිහිටි නාමල් රාජපක්ෂගේ නිවසේදීය. මීට රාජ්‍ය ඇමතිවරු හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහභාගී වී සිටියහ. මීට අමතරව සංස්ථා සභාපතිවරු, විශ්ව විද්‍යාල ආචාර්යවරු කිහිප දෙනෙක්ද සහභාගී වී සිටියහ.
මෙහිදී කොළඹ අවට එදා රැදී සිටි සියළුම මන්ත්‍රීවරු හා රාජ්‍ය ඇමතිවරු පැමිණීම විශේෂත්වයකි.
මුලින්ම අදහස් දැක්වූයේ රාජ්‍ය ඇමතිවරුය.
‘අපි ජනාධිපතිවරයාට කිහිප ගමනක්ම කිවුවා අපට ලේකම්වරයෙක් ලබා දෙන්න කියලා කනකට ගන්නෙ නෑ. මිනිස්සුන්ට වැඩ කරන්න ඕනෙ අපි. ඒත් ලේකම්වරයෙක්වත් මුදල්වත් අපට කොච්චර කියලත් දෙන්නෙ නෑ..’ යැයි රාජ්‍ය ඇමතිවරු කිහිප දෙනෙක්ම නෝක්කඩු ස්වරූපයෙන් කතා කළහ.
ඔව් ඒක ඇත්ත ජනතාවට වැඩ කරන්න ප්‍රතිපාදන දෙන්නෙ නෑ කොහොමද ජනතාව ළගට යන්නෙ යැයි කියමින් නාමල් මෙහිදී උත්තර බැන්දේය.
අනික දැන් අපිට පාරක බැහැලා යන්න බෑ ලයිට් බිල අහස උසට ගිහින් තවත් මන්ත්‍රීවරයකු පැවසීය.
ඔව් අපි කොච්චර කිවුවද සහන දෙන්න කියලා.කෝ ජනාධිපතිවරයා අහන්නෙ නෑ කිසිම දෙයක් තවත් රාජ්‍ය අමාත්‍යවරයකු පැවසීය.
අයිඑම්එෆ් කියලා මිනිස්සුන්ට එපා කරවලා. කරන්ට් බිල වැඩියි,වතුර බිල වැඩියි,වෘත්තිකයින්ගෙ පඩියට බදු ගහලා,ජනතාව මත බදු පටවලා මේ ඔක්කොම යන්නෙ පොහොට්ටුව පිටින් නාමල් මෙහිදී පැවසීය.
ඔව් ඒක ඇත්ත මේ පාර අයවැයෙන් සහන නොදුන්නොත් බලාගමු තවත් රාජ්‍ය අමාත්‍යවරයකු පැවසීය.
“ඔව් මොකද ඔක්කොම නරක යන්නෙ පොහොට්ටුව පිටින්. දැන් අමාත්‍ය මණ්ඩල සංශෝධනය කළා ඔක්කොම හොද ටික ඒ අයට. නරක ඔක්කොම පොහොට්ටුවට. මේක හරියන්නෙ නෑ..” නාමල් වැඩි දුරටත් පැවසීය.
‘අපේ පොහොට්ටුවට තියෙන ඇමතිකම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දීලා. අපේ කොච්චර අය ඉන්නවද. තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයක් සිය හඩ අවදි කලේය.
ඔව් දිළුම් ජානක වක්කුඹුර,චානක, කනක,ලොහාන්, ශෙහාන් වගේ කොච්චර ඉන්නවද තරුණ පොහොට්ටු මන්ත්‍රීවරු. ඒ අයට කැබිනට් ඇමතිකම් දෙන්න තිබ්බා. නාමල් පැවසීය.
ඔක්කොම කුණු බෙංගාල බොක්කට වගේ ජනතාවගෙ අමාරුකම් ඔක්කොම පැටවෙන්නෙ අපෙ කරට.ඔළුගෙඩි සංශෝධනය කරලා වෙන අය ඔක්කොම ලකුණු දාගෙන ඉන්නවා.මේ පාර සහන නොදුන්නොත් අපිනම් තීරණයක් ගන්නවා රාජ්‍ය ඇමතිවරු එක හඩින් පැවසීය.
ඔව් 2048 වෙනකම් ඉන්න ඕනෙද රට හදන්න. දරුවන්ට දිවා ආහාරය දෙන්න 2030 වෙනකන් ඉන්න ඕනෙද. වහාම ජනතාවට සහන දෙන්න කියලා අපි බල කරන්න ඕනෙ .නාමල් පැවසීය.
‘අපි නැවත වතාවක් රැස්වෙලා කතා කරමු. මේ ගැන තීරණයක් ඉක්මනින් ගන්න ඕනෙ’ මන්ත්‍රීවරු සහ රාජ්‍ය අමාත්‍යවරු පැවසූහ.
‘අපි මුණ ගැහෙමු. මේකට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගෙන් උපදෙස් ගමු. ඒ වගේම බැසිල් රජපක්ෂවත් දැනුවත් කරමු’ නාමල් පැවසීය.
‘අපි මේ පාර සහන නොදුන්නොත් අනිවාර්යෙන්ම අයවැය ගැන බලා ගමු’ සියළු දෙනාම ගිවිස ගත්හ.
‘ඔන්න නිවිස් එකක් දැන් ප්ලාන්ට් කරයි ආණ්ඩුව විසුරුවා හරිනවා කියලා…’ එක් මන්ත්‍රීවරයක් සිනහසෙමින් පැවසීය.
‘ඔව් අපි ඡන්දෙකට ලෑස්තිනෙ’ ඕනෙ ප්ලාන්ට් එකක් කරපුවාවෙ’ නාමල් පැවසීය.
අනතුරුව එදින රාත්‍රී ආහාරයද ලබාදීමට නාමල් රාජපක්ෂ කටයුතු කර තිබිණි.
මෙහි විශේෂත්වය වූයේ තනිකරම නිර්මාංශ ආහාර වේලක් පිළියෙළ කර තිබීමයි.