gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හරක් කටා කෑම පාර්සලයකට ලක්ෂ ගණන් වියදම් කරණ බවට හෙළිදරව්වක්!

නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා‘ විසින් අභියාචනාධිකරණයේ පවරා ඇති රිට් අයදුම්පතට සැකකරුගේ අත්සන ලබා ගැනීමට ඊයේ (27) දිනම අවසර ලබා දෙන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයාට නියෝග කළේය.

ඒ සැකකරු වෙනුවෙන් මෝසමක් ගොනු කරමින් නිතිඥ මඩුල්ලක් සිදු කළ ඉල්ලීම සලකා බැලූ අවස්ථාවේදීයි.

සැකකරු සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක් අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට නිකුත් කර තිබුණද ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර නොමැති බවට නිතිඥවරුන් අධිකරණයට දැනුම් දී තිබේ.

එමෙන්ම අධිකරණ නියෝගය ප්‍රකාරව අත්සන ලබා ගැනීමට ගිය අවස්ථාවේ එවැනි නියෝගයක් ලැබි නොමැති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දුන් බවද නිතිඥවරුන් අධිකරණයට කියා සිටියහ.

හරක් කටා රඳවා සිටින අංශයේ පොලිස් නිලධාරින් කෑම පාර්සලයක් ලබා දීමට පවා රුපියල් ලක්ෂ ගණනින් මුදල් අයකරන බවට තම සේවා දායකයා ප්‍රකාශ කළේ යැයිද නිතිඥවරුන් මහේස්ත්‍රාත්වරයා හමුවේ ප්‍රකාශ කළහ.  


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka