gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

“මගේ මිනිස්සු පස්සෙ පන්නන එක නතර කරපං – නැත්නම් මං උඹවත් මරල ගෙදර උන්වත් මරනවා” – කඩවතදී පාතාලයන් ඇල්ලූ SIට ඩුබායිවලින් ආ මරණ තර්ජනය

‘උඹ නේද මගේ කේස් එක කරන්නේ. උඹ මගේ මිනිස්සු පස්සෙ පන්නන එක නතර කරපං. නැත්නම් මං උඹවත් මරල, උඹේ ගෙදර උන්වත් මරල, උඹේ යුනිට් එකේ උන්වත් මරල දානවා’ යැයි කියමින් ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින පාතාල කල්ලි සාමාජික ශක්ති ලක්රුවන් නමැත්තා කැලණිය කොට්ඨාස අපරාධ ඒකකයේ උප පොලිස් පරීක්‍ෂකවරයකුට මරණීය තර්ජන එල්ල කර ඇති බව පුවත්පතක් වාර්තා කරනවා.

මෙම පාතාල අපරාධකරු මෙසේ තර්ජන එල්ල කර ඇත්තේ කඩවත නගරයේ ව්‍යාපාරිකයකුට වෙඩි තබා ඝාතනය කිරීමට යමින් සිටි පාතාල කල්ලි සාමාජිකයන් දෙදෙනකු ආයුධත් සමග අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක කළ කැලණිය කොට්ඨාස අපරාධ ඒකකයේ උප පොලිස් පරීක්‍ෂක සිල්වා මහතාට බව පොලිස් ආරංචි මාර්ග පවසන බවද එහි දැක්වෙනවා.

ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින ශක්ති ලක්රුවන් නමැති මෙම පාතාල සාමාජිකයා උප පොලිස් පරීක්‍ෂකවරයාට මෙසේ ද තර්ජනය කර තිබෙනවා.

‘උඹ මගේ මිනිස්සුන්ට කරදර කරන්න එපා. මගේ මිනිස්සු පස්සෙ පන්නන එක නතර කරපං. එහෙම නොකළොත් මං උඹගෙ ගෙදර මිනිස්සු පස්සෙ පන්නනවා. උඹ මොකෙක්ද මට. මං කොහොමත් උඹට ගහනවා. උඹ සිල්වා කියලා මම දන්නවා. මම ශක්ති. පුළුවන්නම් හැප්පිලා බලමු. උඹට තියෙන්නෙ ලයිෂන් තුවක්කු. මට තියෙන්නෙ ලයිෂන් නැති තුවක්කු. ඒ නිසා හොඳට මතක තියා ගනින් මගෙත් එක්ක හැප්පිලා නිකන් ජීවිතේ විනාශ කර ගන්න එපා’ යැයි කියමින් ශක්ති ලක්රුවන් නමැති පාතාල මැරයා තවදුරටත් මෙම නිලධාරියාට තර්ජනය කර ඇති බවද එම පුවත්පතේ සඳහන් වෙනවා.

පොලිස් ආරංචි මාර්ග පවසන්නේ ශක්ති නමැති මෙම පාතාල මැරයා ගණේමුල්ලේ සංජීවගේ සමීප ගෝලයකු බවයි. සංජීව මෙහෙයවූ මිනිස් ඝාතන තුනකට මොහු සම්බන්ධ වී ඇති අතර එම සිදුවීම්වලින් පසු මොහු ඩුබායි රාජ්‍යයට ගෙන්වාගෙන ඇත්තේ ද සංජීව විසින්ය.

ගණේමුල්ලේ සංජීවට අයත් ඩුබායි හි පිහිටි මහල් නිවාසයක සැඟවී සිටින මෙම පාතාල මැරයා මෙරට ව්‍යාපාරිකයන්ට මරණීය තර්ජන එල්ල කරමින් කප්පම් මුදල් ලබාගනිමින් සිටියි.

කඩවත ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට මොහු මරණ තර්ජන එල්ල කර රුපියල් දසලක්‍ෂයක කප්පම් මුදලක් ඉල්ලා සිටිය ද ව්‍යාපාරිකයා එය ලබාදීම ප්‍රතික්‍ෂේප කර ඇත.

ඉන් උරණ වූ ශක්ති නමැති පාතාල මැරයා, තම කල්ලියේ සාමාජිකයන් දෙදෙනකු ආයුධත් සමග පිටත් කර යවා, ව්‍යාපාරිකයා ඝාතනය කිරීමට උත්සාහ කළේය. එම පාතාල සාමාජිකයන් දෙදෙනා ආයුධත් රැගෙන කඩවත ව්‍යාපාරිකයා ඝාතනයට යමින් සිටියදී කඩවත නගරයේදී කැලණිය කොට්ඨාස අපරාධ ඒකකයේ නිලධාරීන්ට කොටු විය.

එම පාතාල සාමාජිකයන් දෙදෙනාට එරෙහිව පුළුල් විමර්ශන මේ වන විට ආරම්භ කර ඇති අතර ශක්ති නමැති පාතාල මැරයා එම ඒකකයේ නිලධාරීන්ට මෙසේ තර්ජනය කරමින් සිටින බව පොලිස් ආරංචි මාර්ග කියා සිටි බවද වැඩිදුරටත් සඳහන් වෙනවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka