පොළොව යට හංගලත් බේරගන්න බැරි වෙයි! ඉබ්බන් 4ක් කඩයි! කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ භූගත නඩු භාණ්ඩ ගබඩාවේ වටිනා නඩු භාණ්ඩ රැසක් අතුරුදන්!
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ භූගත නඩු භාණ්ඩ ගබඩාව දෙවැනි වරටත් පෙරේදා (16) රාත්‍රියේ සොරුන් කඩා බිදිනු ලැබ ඇතැයි කෙසෙල්වත්ත පොලීසිය පවසයි.
මෙම භූගත නඩු භාණ්ඩ ගබඩාව ඉකුත් 06 වැනිදා ද සොරුන් කඩා තිබූ බවට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන රෙජිස්ට්‍රාර්වරයා කෙසෙල්වත්ත පොලීසියට පැමිණීල්ලක් ඉදිරිපත් කර තබිූ අතර, පසුව ඒ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කිරීමක් ද සිදුකර තිබිණ.

ඒ අනුව ඊයේ (17) දිනයේදී ද මෙම නඩු භාණ්ඩ ගබඩාව සොරුන් කඩා ඇති අතර, එහි දොරට ඇතුළතින් සහ පිටතින් ඉබි අගුල් හතරක් දමා තිබූ බවත් ඒ සියල්ල කඩා දමා දොර විවෘත කර ඇති බවත් අධිකරණ නිලධාරියකු පැවසීය.
පැරණී නඩු ලේඛණ, රත්‍රන් භාණ්ඩ සහිත සේප්පු කිහිපයක්, ගිණී අවි, ආයුධ ඇතුලු පැරණී නඩුවලට අදාළ නඩු භාණ්ඩ මෙම භූගත නඩු භාණ්ඩ ගබඩවේ තැන්පත් කර ඇති බව එම නිලධාරියා සඳහන් කළේය. ඉතා පැරණී නඩු ලේඛණ සහිත මෙම ගබඩාවේ ඇති නඩු භාණ්ඩ සහ පොත් පත් සම්බන්ධයෙන් නිශ්චිතව ලේඛණගත කර නොමැති බව ද එම අධිකරණ නිලධාරීයා වැඩිදුරටත් පැවසීය.
පොළොව යට හංගලත් බේරගන්න බැරි වෙයි! ඉබ්බන් 4ක් කඩයි! කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ භූගත නඩු භාණ්ඩ ගබඩාවේ වටිනා නඩු භාණ්ඩ රැසක් අතුරුදන්!
2023-10-18T08:58:00+05:30
Gossip Lanka Hot News