ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි සැලසුම් කිහිපයක් පිළිබඳව මහර බන්ධනාගාරයේ රැඳවූවන් පිරිසක් විසින් කරන ලද බව කියන සාකච්ඡාවක් පිළිබඳව එහි රඳවා සිටින රැඳවූවෙකු පසුගිය දා අනුරාධපුර විවෘත අධිකරණයේදී අනාවරණය කරමින් කළ ප්‍රකාශයක සත්‍ය අසත්‍යතාව සම්බන්ධයෙන් උසස් ආරක්ෂක ප්‍රධානීන් දැනුම්වත් කර පුළුල් විමර්ශනයක් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයාට නියෝග කළේ ය.
අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මෙසේ නියෝග කළේ, අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩුවක් කැඳවූ අවස්ථාවේ එහි සැකකරුවෙකු අධිකරණයේ අවසරය මත කළ විශේෂ ප්‍රකාශයක් සැලකිල්ලට ගනිමිනි.
පසුගිය 13 දින එම නඩුව යළි කැඳවූ අවස්ථාවේ ඔහු ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාට දැනුම් දුන්නේ තමාට එරෙහිව පවතින නඩුවට අදාළ නොවන ජාතික ආරක්ෂාවට බලපාන ඉතා වැදගත් විශේෂ ප්‍රකාශයක් කිරීමට තමාට අවශ්‍ය බවත් ඒ සඳහා අධිකරණයේ අවසරය දෙන ලෙසත් ය.
ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය සැකකරුගේ එම ඉල්ලීමට අධිකරණයේ අවසරය දෙන බව භාෂා පරිවර්තක වයි.එල්.එම්. ඉර්ෆාන් මගින් සැකකරුට දැනුම් දීමෙන් අනතුරුව සැකකරු විවෘත අධිකරණයේදී සිය ස්වයං ප්‍රකාශය කිරීම ආරම්භ කළේ ය. එහිදී සැකකරුගේ ප්‍රකාශයට මඳක් සවන් දුන් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණය අමතමින් ප්‍රකාශ කළේ සැකකරු විසින් කරන ප්‍රකාශයේ යම් සත්‍යතාවක් තිබුණහොත් එය ජාතික ආරක්ෂාවට බරපතළ තර්ජනයක් බව ය.
ඒ අනුව සැකකරුගේ ප්‍රකාශය දීම මඳ වේලාවකට කල් තැබූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයාට එම අවස්ථාවේම විවෘත අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග (බෙන්ච් ඔඩර්) කළේ ය. නියෝගයට අනුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා විවෘත අධිකරණයේ පෙනී සිටි අවස්ථාවේ සැකකරුට සිය ප්‍රකාශය යළි මුල සිට ලබා දීමට අවසර ලබා දුන් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එම ප්‍රකාශය සටහන් කර ගන්නා ලෙසට ලඝු ලේඛිකාවට නියෝග කළේ ය. ඒ අනුව සැකකරු සිය ප්‍රකාශය නැවත කරමින් අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ, මහර බන්ධනාගාරයේ රැඳවූවන් කණ්ඩායමක් විසින් කරන ලද මෙම ආරක්ෂාවට තර්ජනයක් විය හැකි කතාවලට සවන් දී ඒ පිළිබඳව බන්ධනාගාරයේ ජේලර්වරයකුට ද දැනුම් දුන් බවයි.
එවිට ඒ ජේලර්වරයා ”උඹ දඟලන්න එපා උඹට අවශ්‍ය නැති දේ කතා කරන්න එපා. එහෙම කළොත් පැනලා යන්න හැදුවා කියලා වෙඩි තියලා උඹ මරනවා කිව්වා” යනුවෙන් ද ප්‍රකාශ කළේ ය.
තමන් කරන එම ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හෝ වෙනත් ඕනෑ ම විමර්ශන කණ්ඩායමක් පවත්වන ඕනෑම පරීක්ෂණයකට සූදානම් බව ද ඔහු විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළේ ය.
එමෙන් ම, තමා සිය කැමැත්තෙන් ගරු අධිකරණයට ලබා දෙන මෙම ප්‍රකාශය අසත්‍ය නම් අධිකරණය මගින් දෙන ඕනෑ ම දඬුවමකට යටත් වීමට තමන් සූදානම් බව තවදුරටත් අධිකරණයට ප්‍රකාශ කළ සැකකරු තමා කරන මෙම හෙළිදරව්වත් සමග ඇතැම් විට අද දිනයේම තමා වෙඩි තබා ඝාතනය කිරීමේ අවදානමක් පවතින්නේ යැයි ද කීවේය. ඇතැම් විට තමා අවසන් වශයෙන් කතා කරන අවස්ථාව මෙය විය හැකි බව ද ප්‍රකාශ කළ සැකකරු එම නිසා තමාට ආරක්ෂාව සලසන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටින බව ද ප්‍රකාශ කළේ ය.