gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මුලතිව් කොක්කුතුඩුවායි සමූහ මිනී වළේ කැණීම් නතර වන ලකුණු: පරීක්ෂණ කරන්න මුදල් නැහැ!

මුලතිව් කොක්කුතුඩුවායි සමූහ මිනී වළේ කැණීම් කටයුතු ඉදිරියට කරගෙන යාමට නොහැකි වී ඇති බව අධිකරණ වෛද්‍ය නිලධාරී එස්. වාසුදේව මහතා පවසනවා.

මුදල් ප්‍රතිපාදන සපයා ගැනීමට ඇති අසීරුතාව ඊට හේතුව බවයි, ඔහු ප්‍රකාශ කළේ.

මේ වන විට එම සමූහ මිනී වළෙන් හමු වී ඇති මිනිස් ඇටසැකිළි 17 සම්බන්ධයෙන් නිසි ලෙස පරීක්ෂණ කටයුතු සිදු කරන බව සඳහන්.

එම ඇටසැකිළි සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කිරීමට මුලතිව් රෝහලේ ප්‍රමාණවත් පහසුකම් නොමැති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මෙම මිනිස් ඇටසැකිළි සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු හා කාල වකවානු තීරණය කිරීම පිණිස සිදු කළ යුතු ඩී.එන් ඒ පරීක්ෂණ හා කාබන් පරීක්ෂණ සදහා විශාල මුදලක් වැය වනවා.

එම මුදල සපයා ගැනීමට හැකියාවක් නොමැතිකම හේතුවෙන් පරීක්ෂණ කටයුතුද අතරමග නතර වන තත්තවයක් උද්ගත වන බව සඳහන්.

සමූහ මිනී වළේ කැණීම් තවදුරටත් සිදු කළ ද එම ස්ථානයෙන් ගොඩ ගන්නා මිනිස් ඇටසැකිළි සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කිරීමට මුදල් නොමැතිකම නිසා පැහැදිලි වාර්තාවන් ඉදිරිපත් කිරීමට හැකි වන්නේ නැහැ.

ඒ හේතුවෙන් තවදුරටත් කැණීම් කටයුතු සිදු කිරීමෙන් පලක් නොවන බවටද මේ වන විට සමාජයේ මතයක් ගොඩ නැගී තිබෙනවා.

මුලතිව් අධිකරණයෙන් නියෝගයක් ලැබෙන තුරු කොක්කුතුඩුවායි සමූහ මිනී වලේ කැණීම් කටයුතු නවතා දමන ලද නමුත් යළි අධිකරණ නියෝගයක් ලැබුණ ද මුදල් නොමැතිකම නිසා කැණීම් කටයුතු ආරම්භ කිරීමට නොහැකි වනු ඇති.

පසුගිය කාලයේ දින 19 ක මුලතිව් සමූහ මිනී වළේ කැණීම් කටයුතු සදහා රුපියල් ලක්ෂ 57 ක මුදලක් වැය වී තිබෙන බව සඳහන්.

අදාළ සමූහ වළ සම්බන්ධයෙන් වන නඩුව විභාග කරුණු ලැබුවේ, හිටපු මුලිතිව් මහේස්ත්‍රාත් ටී. සරවනරාජා මහතායි. ‌

කෙසේ වෙතත් ඔහුට එරෙහිව පැවැති මරණ තර්ජන සහ රජයේ බලපෑම් හේතුවෙන් එම ධුරයෙන් ඉල්ලා අස්වීමටයි කටයුතු කළේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka