gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

තලංගම ඝාතක 'කොට සුපුන්' හංවැල්ලේදී STF වෙඩි හුවමාරුවකින් මිය යයි

තලංගම ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි සැකකරුවෙකු හංවැල්ල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ ඇතිවූ වෙඩි හුවමාරුවකින් ජීවිතක්ෂයට පත්ව ඇතැයි අද වාර්තා විය.

සැකකරු යුද හමුදාවේ හිටපු කමාන්ඩෝ භටයෙකු බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය.

පසුගිය අගෝස්තු 25 වැනිදා තලංගම ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියකට අදාළව සැකකරු අත්අඩංගුවට ගැනීමට අවශයව සිටියේය.

විශේෂ කාර්ය බලකායේ බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව මොහු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත.

වග ප්‍රදේශයේ ක්‍රියාත්මක කළ මෙම මෙහෙයුම අතරතුර සැකකරු ටී 81 වර්ගයේ ස්වයංක්‍රීය අවියකින් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට වෙඩි තබා තිබේ.

එම නිලධාරීන් ද පෙරලා වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති අතර එහිදී තුවාල ලැබූ සැකකරු ප්‍රතිකාර සඳහා පාදුක්ක රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇත.

සැකකරු රැඳී සිටි නිවස පරික්ෂා කිරීමේදී ජීව අත්බෝම්බයක් යතුරු පැදියක් සහ ව්‍යාජ අංක තහඩුවක් සොයා ගෙන තිබේ.

තලංගම ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි 'කොට සුපුන්' නමැති සැකකරු තලංගම වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන වෙඩික්කරුවා බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

අගෝස්තු 25 වැනිදා තලංගම ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු රොබට් ගුණවර්ධන මාවතේදී වෙඩි තැබීමකින් 44 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වූ අතර එම ඝාතනය සම්බන්ධයෙන් මියගිය මොහු අවශ්‍යව සිටි සැකකරුවෙකි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka