gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සටන් විරාමයක් ගැන අමෙරිකානු මාධ්‍ය පළ කළ වාර්තා අසත්‍ය බව ඊශ්‍රායල අගමැති කියයි

දකුණු ගාසා තීරයෙහි සිටින විදේශිකයන්ට ඉන් පිටවීම සඳහා සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර ඇති බවට පළ වන මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නේතන්යාහු පවසයි.

අමෙරිකානු මාධ්‍ය වාර්තා කළේ, ඊජිප්තුව, ඊශ්‍රායලය සහ අමෙරිකාව දකුණු ගාසා තීරයේ සටන් විරාමයකට එකඟ වූ බව ත් ඊජිප්තුවේ වේලාවෙන් උදෑසන 9:00 සිට පැය කිහිපයක් විදේශිකයින්ට පිට වීමට සහ ආධාර ලබා ගැනීමට රෆා පිවිසුම් මාර්ගය විවෘත කර ඇති බව ත් ය.

නමුත් එම මාර්ගය දැනට වසා ඇති බව වාර්තා වේ.

ඊශ්‍රායල ගොඩබිම් ප්‍රහාර එල්ල කිරීමට පෙර ගාසා තීරයෙන් පිටවීමේ බලාපොරොත්තුවෙන් දහස් ගණන් ජනතාව දකුණු ගාසා තීරයේ රැස්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් සඳහන් කළේ, ගාසා තීරයේ සිටින එක්සත් ජනපද ජාතිකයන්ට රෆා හරස් මාර්ගයෙන් පිටවීම සඳහා එය ඕනෑ ම වෙලාවක විවෘතව පවතින බව ය.

හමාස් සටන්කාමීන් එල්ල කළ ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ 1,400කට වැඩි පිරිසක් මිය ගොස් ඇති අතර ඊශ්‍රායලය එල්ල කළ ප්‍රතිප්‍රහාරවලින් ගාසා තීරයේ 2,700 කට ආසන්න පුද්ගලයන් සංඛාවක් මිය ගොස් තිබේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka