කාර්යාල සේවිකාවකට ඉතා අමානුෂික අන්දමින් පහරදුන් සමාගම් හිමිකරුගේ සහ ඔහුගේ බිරිඳගේ මානසික තත්ත්වය සම්බන්ධයෙන් මානසික වෛද්‍ය වාර්තා කැඳවීමට වැලිසර මහේස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා නියෝග කළා.
මහේස්ත්‍රාත්වරයා එම නියෝග සිදුකළේ සැකකරු කාර්යාල සේවිකාවට පහර දෙන්නේ සාමන්‍ය පුද්ගලයකු කටයුතු කරන ආකාරයට නොවන අමානුෂික ආකාරයෙන් වන හෙයින් සැකකාර යුවළගේ මානසික තත්ත්වය පරීක්ෂා කිරීමට නියම කරන්නැයි කඳාන පොලිස් ස්ථානාධිපතිවරයා කළ ඉල්ලීමක් පිළිගනිමින්.
මෙලෙස මානසික වෛද්‍ය වාර්තා කැඳවීමට නියම කරන ලද්දේ කඳාන කේ.ඩී. එක්ස්ප්‍රස් කුරියර් සර්විස් ආයතනයේ හිමිකරු වන කසුන් මධුෂංක සහ ඔහුගේ බිරිඳ වන ප්‍රහර්ෂණී අරුණැලී යුවළගේයී.
කාර්යාල සේවිකාවකට ඉතා අමානුෂික අන්දමින් පහර දුන් බවට සැකපිට අත්අඩංගුවට ගත් සැකකාර යුවළ පසුගිය 16 වැනිදා වැලිසර වැඩබලන මහෙස්ත්‍රාත් දිනුෂි පෙරේරා මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 02 බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට නියෝග කෙරුණා.
මෙම පැමිණීල්ල යළි කැඳවනු ලැබු අවස්ථාවේදී සැකකාර යුවළ අධිකරණයේ පෙනී සිටි අතර සිද්ධියට අදාළව කරන ලද විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කළ කඳාන පොලිසිය සැකකරු පැමිණීලිකාර කාර්යාල සේවිකාවට පහර දෙන අයුරු දැක්වෙන CCTV දර්ශන පරීක්ෂා කළ බවද කියා සිටියා.
එම CCTV දර්ශන නිරීක්ෂණය කිරීමේදී ඔහු කටයුතු කොට ඇත්තේ සාමාන්‍ය පුද්ගලයකු කටයුතු කරන ආකාරයට නොවන බව පැහැදිලි වන්නේ යැයි කී කඳාන පොලිස් ස්ථානාධිපතිවරයා සැකකාර යුවළ මානසික වෛද්‍යවරයකු හමුවට පමුණුවා ඔවුන්ගේ මානසික තත්ත්වය පරීක්ෂා කිරීමට නියම කරන ලෙසද ඉල්ලීමක් කරනු ලැබුවා.
එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරයා සැකකාර යුවළ රාගම රෝහලේ මනෝ වෛද්‍ය ඒකකයේ විශේෂඥ මනෝ වෛද්‍යවරයකු හමුවට පමුණුවා ඔවුන්ගේ මානසික තත්ත්වය පිළිබඳ වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කිරීමට සැකකාර යුවළගේ ඇපකරුවන්ට නියම කළා.
මෙම පැමිණීල්ල නොවැම්බර් 27 වැනිදා යළි කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ගේ මානසික වෛද්‍ය වාර්තා එදින අධිකරණයට ඉදිරිපත් කිරීමටයි වැඩිදුරටත් නියෝග කරනු ලැබුවේ.