ඇමතිවරු ප්‍රතික්ෂේප කරන පළමු විරෝධය ඉබ්බාගමුවෙන් – ක්‍රීඩා ඇමති ඇතුළු දේශපාලකයෝ පාසල ලඟින් හැරෙයි (VIDEO)
ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයේ ක්‍රීඩා පිටියේ තණ පිඩලි ඇල්ලීමේ දෙවැනි අදියර උත්සවාකාරයෙන් ආරම්භ කිරීමට පැමිණි ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ, ඇතුළු රජයේ මැති ඇමතිවරුන්ට ඊයේ (25) උදේ එල්ල වූ විරෝධතාවයක් නිසා උත්සවයට සහභාගී නොවී ආපසු හැරී එන්නට සිදුවී තිබේ.
ඇමතිවරයා සමග ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී යු.කේ සුමිත් ඇතුළු දේශපාලකයින් පිරිසට මෙම දැඩි විරෝධය එල්ල වී තිබුණේ විදුහලේ ගුරුවරුන්ගෙනි.
විදුහලේ සියලුම ගුරුවරුන් පාසලෙන් එළියට පැමිණ මෙම විරෝධතාවය දක්වන්නේ ඊයේ පැවති ගුරු විදුහල්පති විරෝධතාවයට එල්ල වූ කඳුළු ගෑස් ප්‍රහාරයට එරෙහිව රජයට පිළිකුල් සහග විරෝධය ප්‍රකාශ කිරීම සඳහාය.
ගුරු විදුහල්පති විරෝධතාවයට එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාරය පිළිකුල් සහතගත හෙළා දකින බවත්, පාසල් දේශපාලනීකරණය කිරීම අනවශ්‍ය බවත් දක්වන විරෝධතා පුවරු සහිතව ඇමතිවරයා පැමිණෙන අවස්ථාවේ දී විදුහලේ ගුරුවරු විදුහල ඉදිරිපිට විරෝධතාවය ආරම්භ කර තිබුණහ.
ඇමතිවරු ප්‍රතික්ෂේප කරන පළමු විරෝධය ඉබ්බාගමුවෙන් – ක්‍රීඩා ඇමති ඇතුළු දේශපාලකයෝ පාසල ලඟින් හැරෙයි (VIDEO)
2023-10-26T07:12:00+05:30
Gossip Lanka Hot News






