බම්බලපිටිය සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක නිවසක අයිතිය සම්බන්ධයෙන් පැවැති ආරාවුලක කරුණු දැක්වීම සඳහා මේ මස 19 වන දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ඇතුළු තිදෙනකුට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසිංහ මහතා ඊයේ (02)නොතීසි නිකුත් කළේය.
පුද්ගලික පැමිණිල්ලක් සලකා බලමින් මහේස්ත්‍රාත්වරයා වගඋත්තරකරුවන් වන ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්, ගෝල හිමියන් වූ දයා ශීල තෙර හා අදාළ නිවාස සංකීර්ණයේ කමිටු සභාපතිවරයා වන සිල්වෙස්ටර් යන අයට මෙසේ නොතීසි නිකුත් කළේය. නීතිඥ සන්ධ්‍යා තල්දූව මහත්මිය විසින් මෙම පුද්ගලික පැමිණිල්ල අධිකරණය හමුවේ ගොනු කළ අතර ඇය විසින් දක්වන ලද කරුණු සලකා බලා මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය. බම්බලපිටිය ශර්බරි ගාඩ්න්ස් 36/5/1 නිවසේ පදිංචිකාරිය වන ඉනෝකා චන්දිමා සේනානායක මහත්මිය මෙම පෙත්සම ගොනුකර තිබුණි.
අමෙරිකාවේ පදිංචි නැන්දණිය විසින් නීත්‍යනුකූලව පවරා ඇති මෙම දේපළවලට ඇතුළුවීමට ඉඩ නොදී ඥානසාර හිමියන් ඇතුළු වගඋත්තරකරුවන් ක්‍රියා කරන බවට පෙත්සමේ කරුණු සඳහන්ය.
තමන්ට නීත්‍යනුකූලව ලැබී ඇති මෙම දේපළ භුක්ති විඳීමට අවස්ථාව ලබා නොදී බලහත්කාරයෙන් අයිති කර ගැනීමට වගඋත්තරකරුවන් ක්‍රියාකරන බවට ද පෙත්සමේ සඳහන් වේ.
මෙම දේපළ විකුණා චෛත්‍යය ගොඩනැඟීම සඳහා තමන් වෙත දේපළ හිමිකරුවන් පවසා ඇති බවට ඥානසාර හිමියන් විසින් පවසා ඇතැයි ද අධිකරණයෙන් කරුණු වාර්තා වේ.
සිරන්ජනි කුමාරි