පොලිස් විශේෂ කාර්ය බලකායේ බුත්තල කඳවුරේ නිලධාරීන් ලද තොරතුරකට අනුව ඊයේ(13) සවස වැල්ලවාය ඇල්ල පාර 01 කණුව ප්‍රදේශයේ නිවසක් වටලා පරීක්ෂාකර තිබෙනවා.
එහිදී එම නිවසේ තිබී එංගලන්තයේ නිෂ්පාදිත බෝර 12 පතොරම් තුවක්කුවක්, රුසියාවේ නිෂ්පාදිත බෝර 12 පතොරම් යෙදිය හැකි තුවක්කුවක්, අත්බෝම්බ දෙකක් පතොරම් රැසක් සහ වෙඩි නොවදින ඇඳුම් කට්ටලයක් සොයාගත් බව පොලිසිය පවසනවා.
එම අවස්ථාවේදී මෙම නිවසේ රැදී සිටි ඔක්කම්පිටියේ බේබි නැමැති පුද්ගලයාව පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ගිනි අවි සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගිනි අවි බෝම්බ ඇතුළු උපකරණ සමඟ සැකකරුව වැල්ලවාය පොලීසියට භාරදුන් බව විශේෂ කාර්ය බලකාය සඳහන් කළා.
මෙම නිවස එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හා හිටපු නියෝජ්‍ය කථානායකවරයෙකු වන ආනන්ද කුමාරසිරි මහතාට අයත් එකක් බව වැල්ලවාය පොලීසිය පවසනවා.

- හිරුණි විජේසිංහ