ගුටිබැට ඇනගත් තිදෙනාට පාර්ලිමේන්තු තහනමක්!
පාර්ලිමේන්තු පරිශ්‍රයේ ගුටිබැට හුවමාරු කරගැනීමක් වූ රාජ්‍ය ඇමතිනිය හා අනෙක් මන්ත්‍රීවරුන් දෙදෙනාට පාර්ලිමේන්තු කටයුතු සතියකට තහනම් කෙරෙනු ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
පසුගිය විසි වෙනිදා මෙම බැට හුවමාරුව පාර්ලිමේන්තුවේදී සිදුවූයේ රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ හා සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් වන සුජිත් සංජය පෙරේරා, රෝහණ බණ්ඩාර යන තිදෙනා අතරයි.
මේ පිළිබඳව විමර්ශන පැවැත්වීම සඳහා කතානායකවරයා විසින් විශේෂ කමිටුවක් පත්කරනු ලැබීය.
එම කමිටුව විසින් සිදුවීමේ කැමරා දර්ශන පරීක්ෂාකර ඇති අතර සිදුවීම ගැන ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා මෙම මන්ත්‍රී තිදෙනාද කැඳවා තිබේ.
විමර්ශන කණ්ඩායම වාර්තාව සති දෙකක් ඇතුළත භාරදුන් පසු කතානායකවරයා විසින් ඒ පිළිබඳව ඉදිරි පියවර ගැනීමට නියමිතව ඇත.

2023-10-30T17:17:00+05:30
Gossip Lanka Hot News