gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පාර්ලිමේන්තු අනංගයන්ට වෝදනා පත්‍ර භාර දෙයි!

පාර්ලිමේන්තුවේ ගෘහ පාලන දෙපාර්තමේන්තුවේ ඇතැම් සේවිකාවන්ට ලිංගික හිංසන කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමට ලක් කෙරුණු එම දෙපාර්තමේන්තුවේ සහකාර ගෘහ පාලක ඇතුළු නිලධාරීන් දෙදෙනාට පාර්ලිමේන්තුවේ වැඩ බලන මහලේකම් නීතිඥ චමින්ද කුලරත්න මහතා විසින් චෝදනා පත්‍ර පසුගිය සිකුරාදා (27) භාර දී ඇත.

ඔවුන් දෙදෙනාට මෙම චෝදනා පත්‍ර භාර දී ඇත්තේ සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වූ මූලික විමර්ශනවලදී අනාවරණය කෙරුණු තොරතුරු පදනම් කරගෙනයි.අදාළ චෝදනාව සම්බන්ධයෙන් දින 14 ක් ඇතුළත නිදහසට කරුණු ඉදිරිපත් කරන ලෙස චෝදනා පත්‍ර භාර දෙමින් වැඩබලන මහලේකම්වරයා දැනුම්දී ඇත.

නිදහසට කරුණු ඉදිරිපත් නොකළහොත් ඔවුන් තනතුරුවලින් පහ කෙරෙනු ඇත.

මෙම සිද්ධියට සම්බන්ධ මූලික විමර්ශනයේ වාර්තාව අදාළ විමර්ශන කණ්ඩායම විසින් පාර්ලිමේන්තු මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මියට පසුගියදා භාර දීමෙන් අනතුරුව මහලේකම්වරියගේ උපදෙස් අනුව සහකාර මහලේකම් හංසන අබේරත්න මහතා සිද්ධිය පිළිබඳව විධිමත් පරීක්ෂණ ආරම්භ කළේය.

මෙම විධිමත් පරීක්ෂණයේ අවසන් වාර්තාවද තව නොබෝ දිනකින් භාර දීමට නියමිතය.

ලිංගික හිංසන සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ගෘහ පාලන දෙපාර්තමේන්තුවේ සේවිකාවෝ විස්සකට වැඩි පිරිසක් මූලික විමර්ශන පැවැත්වූ එම විමර්ශන කණ්ඩායම ඉදිරියේ පසුගියදා සාක්ෂි දුන්හ.

(මූලාශ්‍රය : ලංකාදීප)


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka