ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් සිපෙට්කෝ ඉන්ධනහල් වල ඉන්ධන අලෙවිය මේ වනවිට සියයට විස්සකින් පමණ පහළ ගොස් ඇතැයි ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය කියා සිටී.
තරගකාරීත්වය ඇති කිරීමට යැයි කියමින් විදෙස් සමාගම්වලට මෙරට ඉන්ධන වෙළෙඳපොළ විවෘත කළ පසු එක් සමාගමක් සෑම ඉන්ධන ලීටරයකම මිල රුපියල් හතකින් අඩුකර අලෙවි කරන බව එම සංගමයේ ප්‍රකාශකයෙක් පැවසීය.
විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයටත් අවශ්‍ය නම් “සිපෙට්කෝ” ඉන්ධන ලීටරයක මිලත් රුපියල් හතකින් හෝ ඊට ආසන්න ගණනකින් පහළ දැමිය හැකි බවද ඔහු කීවේය. නමුත් පරණ ණය ගෙවීමට අවශ්‍ය නිසා සිපෙට්කෝ මිල සතයක්වත් අඩු නොකරන බවට අමාත්‍යාංශය ප්‍රකාශ කළ බව ද හෙතෙම කීය.
මෙම හේතුව නිසා රටපුරා පිහිටි සිපෙට්කෝ ඉන්ධනහල් වල අලෙවිය අඩුවී ඇතැයි ද ඔහු පැවසීය. සිපෙට්කෝ ඉන්ධනහල් එක්දහස් පනහක් මෙරට තිබෙනවා. ඉන්දීය තෙල් සමාගමට ඉන්ධනහල් දෙසිය අසූවක් තියෙනවා. ඊට අමතරව චීන සිනොපෙක් සමාගමට ඉන්ධන හල් එකසිය පනහක් අයිතිව තියෙනවා. මේ ආකාරයට ගියහොත් සිපෙට්කෝ ඉන්ධනහල් වැසී යාවි යැයි හෙතෙම සඳහන් කළේය.
සිපෙට්කෝ ඉන්ධන මිල පාලනය කිරීමේ අයිතිය තෙල් සංස්ථාවට ලබාදෙන ලෙස සංස්ථාව බලශක්ති අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇතැයි සංස්ථා උසස් නිලධාරියෙක් මේ අතර සඳහන් කළේය.
දැනට සංස්ථා තෙල් මිල තීරණය කිරීමේ බලය ඇත්තේ බලශක්ති අමාත්‍යාංශය සතුව යැයිද එම නිලධාරියා කීය.