gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ශ්‍රි ලංකා ක්‍රිකට් කෝප් සභාපතිවත් අරගෙන ද?.. විපක්ෂය ප්‍රශ්න කරයි…

ක්‍රිකට් බලධාරීන් කෝප් කමිටුව ඉදිරියට කැඳවන ලෙස ආණ්ඩු පක්ෂ හා විපක්ෂ මන්ත්‍රීන් පිරිසක් එහි සභාපති ආචාර්‍ය රංජිත් බණ්ඩාරගෙන් ඉල්ලා දැන් මසකට වඩා කලක් ගත වුවත් ඔහු ඒ සඳහා මෙතෙක් උනන්දුවක් නොදැක්වීම පුදුමයට කරුණක් බව විපක්ෂ මන්ත්‍රීවරයකු පැවසීය.
ඔවුන් මෙම ඉල්ලීම කළේ විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය පිළිබඳව විගණකාධිපතිවරයා විසින් පවත්වන ලද වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුවය.

එම වාර්තාවෙන් මූල්‍ය අක්‍රමිකතා රැසක් හෙළිදරව් කෙරුණු අතර මේ දක්වා ඉන් නිර්දේශ කළ නීතිමය ක්‍රියාදාමයන්ද මෙතෙක් ක්‍රියාත්මක කොට නොමැති බවට චෝදනාවක් තිබේ.

කෝප් කමිටුවට මීට පෙරද ක්‍රිකට් බලධාරීන් කැඳවූ අවස්ථාවේ බොහෝ චෝදනාවන්ට ඔවුන් නිරුත්තර වනු රටම දුටුවෝය. එවර කෝප් කමිටු සභාපති වරයා වූයේ සුනිල් හඳුන්නෙත්තිය.



-lankasara
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka