gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මල්වතු මහනාහිමි සේ සැරසී මහ ජාවාරමක්…

මල්වතු මහනායක හිමියන් ලෙස පෙනී සිට දුරකථන ඇමතුම් ඔස්සේ පිටරට රැකියාවලට යවනවා යැයි පවසමින් ලංකාව පුරා මහා පරිමාණයෙන් ලක්ෂ ගණනින් මුදල් වංචාවන් සිදු කල  සැකකරුවෙකු නුවරඑළිය පොලිසියෙන් අත්අඩංගුවට ගෙන ඇති බව නුවරඑළිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි මහතා සඳහන් කරයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල ප්‍රදේශයේ ස්ථිර පදිංචි පිළිමතලාව ප්‍රදේශ තාවකාලිකව පදිංචිව සිටි සිරිමල් ප්‍රියන්ත නම් (අවුරුදු 51) පුද්ගලයෙකු වන බවත් නුවරඑළිය සඳතැන්න ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් වංචනික ලෙස රුපියල්  එක් ලක්ෂ තිස් හත් දසසක මුදලක් (රු.1,37000.00) ලබා ගත්බවට ලද පැමිණිල්ලක් අනුව මම පුද්ගලයා අත්අඩංගුවට ගත් බව ද මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක වරයා පැවසීය ,

සිද්ධිය සම්බන්ධයෙන් කරුණු පවසමින් මූණ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි මහතා මෙසේද කීය ,

ජාතික පුවත්පත්වල පළවන ඉඩම් හා දේපල විකිනීම් සම්බන්ධ දැන්වීම් අනුසාරයෙන් ධනවත් පුද්ගලයන්ගේ දුරකථන අංකවලට ඇමතුම් ලබා ගනිමින්  තෙරුවන් සරණ පතා දුරකතන ඇමතුම ආරම්භ කර  තමන් මල්වත්තේ මහ නායක ස්වාමින් වහන්සේ ලෙස පවසමින් තමන්ගේ සහෝදර සහෝදරියන් ඕස්ට්‍රේලියාවේ පදිංචි බවත් තම මිතුරෙකු ඕස්ට්‍රේලියාවේ මහකොමසාරිස්වරයෙකු ලෙසත් පවසා මුලින්ම තමන්ගේ සහෝදරයාට ඉඩමක් නිවසක් මිලදී ගැනීමට අවශ්‍ය බව පවසමින් සූක්ෂම ලෙස එම පුද්ගලයන් සමඟ හිතවත්කමක් ගොඩ නගා ගනිමින් ඉන් අනතුරුව එම හිතවත්කම මත ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ඕස්ට්‍රේලියා රටට රැකියා සදහා සහ අධ්‍යාපන කටයුතු සඳහා කිසිදු මුදලක් අය නොකර කඩිනමින් පිටත් කරවන බවට පවසා රවටමින්  ලියාපදිංචි ගාස්තු වශයෙන් රුපියල් එක් ලක්ෂ තිස් දාහක මුදලක් පමණක් ගෙවිය යුතු  බව සදහන් කරමින් එම මුදල් අත්තඩංගුවට ගත් සැකකරු සතු බැංකු ගිණුම් වෙත ගෙන්වා ගෙන මහා පරිමාණයේ මුදල් වංචාවක් රාශියක් සිදුකර ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත .


බොහෝ අවස්ථාවලදී ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා ලෙස ද පෙනී සිට දුරකථන ඇමතුම් වලට පිළිතුරු ලබාදීමටද මෙම පුද්ගලයාම කටයුතු කර ඇති බවත් විමර්ශනවලදී හා සාක්ෂි සටහන් කර ගැනීමේදී තොරතුරු අනාවරණ වී ඇත ,

එලෙස මුදල් ගෙන්වා ගැනීමේදී ජාතික හැඳුනුම්පත් ද සැකකරු විසින් ගෙන්වාගෙන ඇති අතර එලෙස ගෙන්වාගන්නා ජාතික හැඳුනුම්පත්වල පිටපත් ලබාදී තවත් පුද්ගලයන් රැවටීම සඳහා සැකකරු සිම් පත් 100ත් 120ත් අතර ප්‍රමාණයක්  මිලදී ගෙන ඇති බවද මූලික පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත ,

සැක කටයුතු පුද්ගලයා  අත්අඩංගුවට ගනු ලැබූ අවස්ථාවේදී දුරකථන 11ක් , ටැබ් යන්ත්‍රයක් , අන්තර්ජාල සැපයුම උපකරණ , බැංකු ගිණුම්වලට මුදල් තැන්පත් කළ රිසිට්පත් විශාල ප්‍රමාණයක් , විවිධ නම් වලින් සැකසුනු ලද නිල මුද්‍රා තොගයක් , දුරකථන අංක ලියා ගැනීමට භාවිතා කළ පොත් කිහිපයක් , විවිධ පුද්ගලයන්ගේ නම් වලින් සැකසූ විසිටින් කාඩ් පත් විශාල ප්‍රමාණයක්  ඔහු සතුව තිබී අත්අඩංගුවට ගැනීමට අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රාධාන පොලිස් පරීක්ෂක රාජසිංහ , පොලිස් සැරයන් 40422 ජයතිලක , පොලිස් කොස්තාපල් 60326 හේරත් , පොලිස් කොස්තාපල් 37721 කුමාරසිංහ , පොලිස් කොස්තාපල් 104705 රත්නායක යබ නිලධාරීන්  කණ්ඩායම සමත්විය 

වංචනික ලෙස මුදල් ලබා ලබාගැනීම වෙනුවෙන් ව්‍යාජ ලෙස සැකසූ ජාතික හැඳුනුම්පත් කිහිපයක් භාවිතා කරමින් බැංකු ගිණුම් 15කට ආසන්න ප්‍රමාණයක් මෙම පුද්ගලයා විසින් පවත්වාගෙන ගොස් ඇති අතර ව්‍යාජ ජාතික හැඳුනුම්පත් භාවිතා කරමින් බහු විවාහයක් කිහිපයක් ද සිදුකර ඇති බවත් එම විවාහයන්ගෙන් දරුවන්ද සිටින බවත් වංචනික ලෙස උපයන මුදලින් බහු විවාහයන් සිදු සිදුකර ගත් කාන්තාවන් සමඟ සුඛෝපභෝගී ජීවිතයක් ගත කර ඇති බවට තොරතුරු තහවුරු කර ගැනීමට නුවරඑළිය  පොලිසියේ අපරාධ විමර්ශන අංශය සමත් වී ඇත ,

මෙම පුද්ගලයාට විරුද්දව ව්‍යාජ ලෙස සකස් කරන ලද ජාතික හැඳුනුම්පත් වල නම් ගම් වලට අනුව මතුගම , මහර , පන්නිල , කොළඹ කොටුව , කෑගල්ල , දඹුල්ල , නුවරඑළිය , ගාල්ල බලපිටිය , අනුරාධපුර  , නුගේගොඩ , කළුතර , අලුත්කඩේ යන අධිකරණ වල මුදල් වංචා කිරීම් අධිකරණය නොමග යැවීම බහු විවාහයක් සිදු කිරීම වෙනත් පුද්ගලයන් ලෙස පෙනී සිටීම හා කූට ලේඛන සැකසීම  ඇතුළු වැරදි රාශියක් සම්බන්ධව නඩු කටයුතු ද විශාල ප්‍රමාණයක් පැවැත්වෙන  බවට තොරතුරු සනාථ වී ඇති බව ද මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා පැවසීය ,

අත්අඩංගුවට ගත් සැකකාර පුද්ගලයා 28 දින නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන ඔක්තෝම්බර් 12 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නුවරඑළිය වැඩබලන මහේස්ත්‍රාත් කේ.ඩී.විජේවික්‍රම මහතා නියෝග කර ඇත ,

සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ නුවරඑළිය දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ හක්මන මහතාගේ හා  නුවරඑළිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි මහතාගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිතය .

– ආර්.එෆ්.එම්.සුහෙල්
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka