gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

විදුලි ගාස්තු වැඩි කරන්න වෙනවා… කොහොම හරි දරා ගන්න වෙනවා යැයි කංචන කිව්වා - බන්දුල ගුණවර්ධන

විදුලි ගාස්තු වැඩි කිරීමට අනිවාර්යයෙන් සිදු වන බවත් එය අමාරුවෙන් හෝ දරා ගෙන සිටිය යුතු යැයි විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර පෙරේදා (02) රැස් වූ කැබිනට් මණ්ඩලයට දැනුම් දුන් බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමති බන්දුල ගුණවර්ධන ඊයේ (03) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් පැවසීය.

එහිදී විදුලි ගාස්තු වැඩි කිරීමට සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමති බන්දුල ගුණවර්ධන වැඩිදුරටත් මේ සම්බන්ධයෙන් දැක්වූ අදහස්,

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග ඇතිකරගනෙ තිබෙන ගිවිසුම් ප්‍රකාරව පිරිවැය පිළිබිඹු වන ආකාරයේ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්න තිබෙනවා. ඉතිං අමාරුවෙන් හරි දරා ගෙන සිටින්න වෙන තත්වයක් ඇතිවෙලා තියෙනවා. පසුගිය කාලයේ ඇති වෙච්ච අලාභ ආවරණය වන තෙක් ඒ අලාභ ආවරණය කිරීම සඳහා මේ ගැලපුම සිදු නොකරම බැරි බව ඊයේ (02) දිනයේදී කැබිනට් මණ්ඩලයට කාංචන විජේසේකර අමාත්‍ය තුමා දැනුම් දුන්නා.

වෙන විකල්පයක් තියෙනවා නම් විකල්පය කරන්න එතුමන්ලා කැමතියි. විකල්ප සියල්ල සඳහන් කරලා මහජන උපයෝගීතා කොමිසමෙන් අවසර ඉල්ලලා තිබෙන බව තමයි සඳහන් කළේ. මහජන උපයෝගීතා කොමිසම මේ පිළිබඳව පුළුල්ව සලකා බලලා, අත්‍යාවශ්‍යයෙන්ම පවත්වා ගෙන යායුතු තත්වය, පසුගිය කාලය තුළ සහන ලබා දීම සඳහා යයි ඇති කරපු විදුලියේ ගාස්තු වෙනස්කම් නිසා අවසානයේ අපිට පැය 12ක විතර විදුලිය කැපීමකට යන්න සිද්ධ වුනා. එවැනි තත්වයකට නොයා ඊට වඩා වාසිදායක තත්වයක් ඇතිකරගන්න පුළුවන් වෙන ආකාරයකට තාවකාලික වශයෙන් මේ අමාරුව කෙටිකාලයකට මේ අලාභය පිවෙන තෙක් දරා ගන්න සිද්ධ වෙන බව තමයි එතුමා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නේ.”


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka