තමාට නිර්නාමික දුරකථන ඇමතුම් ඔස්සේ දින කිහිපයක සිට මරණීය තර්ජන එල්ල කරන බව මඩකලපුව ශ්‍රී මංගලාරාමාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන නාහිමියන් ඊයේ (26) මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා ප්‍රකාශ කළහ.
මේ පිළිබඳව කොතෙක් පොලිසියට පැමිණිලි ඉදිරිපත් කරද විමර්ශනයක් නොකිරීම කණගණගාටුවට කරුණක් බවත්, පසුගිය කාල වකවානුව තුළ දිවුලපතාන ගම්මානයෙ බුද්ධ මන්දිරයේ තැන්පත් කරන ලද බුදු පිළිමය අස්ථානගත කිරීම සහ මඩකලපුව ජයන්තිපුර පොදු සුසාන භූමිය ඩෝසර් කර විනාශ කිරීමට එරෙහිව තමා ඇතුළු සිංහල ජනතාව ඊට විරෝධය පළ කරමින් විශාල හඬක් නැගූ හෙයින්, ඊට එරෙහි පළාතේ අන්තවාදී පිරිසක් විසින් මෙම මරණීය තර්ජනය සිදුකරන ඇති බවට තමා විශ්වාස කරන බවත් සුමනරතන නාහිමියෝ වැඩිදුරටත් සඳහන් කළහ.
නැගෙනහිර පළාතේ සිංහල ජනතාවගේ ඉඩම් අයිතීන්, මෙන්ම අනිකුත් අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමට තමා රජයට මෙන්ම ප්‍රදේශයේ ආරක්ෂක අංශයට නොබියව චෝදනා එල්ල කරන බැවින් එම හඬ නිහඬ කිරීමට ඇතැමුන් ක්‍රියා කරන බවත් මීට පෙරද තමාට විහාරස්ථානයේදී වෙඩි ප්‍රහාරයක් එල්ල කළද ඊට කිසිවකු අත්අඩංගුවට නොගත් බවත්, රටේ සියලු ත්‍රෛනිකායික භික්ෂූන් වහන්සේලා මෙන්ම වගකිවයුත්තන් නැගෙනහිර පළාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ වර්තමානයේ සිදුවන අසාධාරණකම් වලට හඬක් නැගිය යුතු කාලය එළැඹ ඇති බවත් සුමනරතන නාහිමියන් මෙහිදී සඳහන් කළහ.
උන්වහන්සේ පැවසුවේත තමන්ව ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පවතින්නේ ද යන්න පිළිබඳ සැකයක් ඇති බවය. පොලිස් ආරක්ෂාව ලබා දෙන ලෙසත් උන්වහන්නේ ඉල්ලා සිටියහ.
උන්වහන්සේ පැවසුවේත තමන්ව ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පවතින්නේ ද යන්න පිළිබඳ සැකයක් ඇති බවය. පොලිස් ආරක්ෂාව ලබා දෙන ලෙසත් උන්වහන්නේ ඉල්ලා සිටියහ.