කිරි බොමින් සිටි ළදරුවා ප්‍රාණ ඇපයට අරන් පාදඩයන් 03ක් තරුණ මව සමූහ දූෂණයට ලක් කරලා… දූෂකයන් 02ක් අත් අඩංගුවට..
නිවස තුළ සිය දරුවාට කිරි දෙමින් සිටි තරුණ මවකගේ දරුවා උදුරාගෙන ප්‍රාණ ඇපයට ගනිමින් ඇයව සමූහ දූෂණයකට ලක් කළ නරුමයන් තුනදෙනක් ගැන නින්දිත කතාවක් පූගොඩින් වාර්තා වේ. පූගොඩ අඹගහවත්ත ප්‍රදේශයේ තම නිවසේ දී කුඩා දරුවාට කිරි දෙමින් සිටි මේ තරුණ මව සල්ලාල නරුමයන් විසින් සමූහ දූෂණය කර ඇත්තේ තමන්ගේ අවශ්‍යතාවයට ඉඩ නොලැබුනහොත් කිරි දරුවා පොළොවේ ගසා මරා දමන බවට තර්ජනය කරමින් බව පූගොඩ පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශය කියයි.
මෙම තිරිසන් අපරාධය සිදුකිරීම සම්බන්ධව දැනට අවුරුදු 21 -23 වයස්වල පසුවන දෙදෙනෙක් පූගොඩ පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
අපරාධයට සම්බන්ධ අනෙක් පුද්ගලයා සොයා පූගොඩ පොලිසිය මෙහෙයුම් ආරම්භ කර ඇත.
මේ වනවිට මව වෛද්‍ය පරික්ෂණයක් සඳහා රෝහල් ගත කර තිබේ.
-ලංකාදිප
කිරි බොමින් සිටි ළදරුවා ප්‍රාණ ඇපයට අරන් පාදඩයන් 03ක් තරුණ මව සමූහ දූෂණයට ලක් කරලා… දූෂකයන් 02ක් අත් අඩංගුවට..
2023-10-26T11:36:00+05:30
Gossip Lanka Hot News






