gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

තාත්තලා පුතාලගේ බෙල්ල කපන්නේ ඇයි ? - දයාසිරි (video)

පක්ෂයේ බලය තමා විසින් අල්ලනු ඇතැයි පක්ෂ සභාපතිවරයාට බියක් තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි. තමාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වයෙන් සහ එහි මහලේකම් ධුරයෙන් ඉවත් කිරීමට ප්‍රතිචාර දක්වමින් දයාසිරි ජයසේකර මහතා ඒ බව පැවසීය.

අද (06) පස්වරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් දයාසිරි ජයසේකර මහතා මෙම කරුණු අනාවරණය කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා,

"මට අදහගන්න බැරුව ගියා.. මොකක්ද මේ හේතුව කියලා. පිරිසකට අවශ්‍ය වෙලා තිබෙනවා.. මේ පක්ෂය රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ කොටස්කරුවෝ විදියට හේත්තු කරන්න. අවසානයේ වුණේ පක්ෂය ආරක්ෂා කරපු මාව එළියට දැම්මා. මම කනගාටු වෙන්නේ නැහැ. මෙවැනි තීරණ අපේ සභාපතිතුමා ඉතිහාසයෙත් අරගෙන තිබෙනවා. මම පක්ෂය දාලා යන්නේ නැහැ."

"පක්ෂ සභාපතිතුමාගේ යම් භීතියක් තිබුණා... මම පක්ෂයේ බලය අල්ලයි කියලා. මේක ආණ්ඩුවේ කුමන්ත්‍රණයක්. ඊයෙත් අපි දෙන්නා එකතු වෙලා කතා කරලා ගියේ පාර්ලිමේන්තුවේ. රෑ වෙනකොට මගේ බෙල්ල කපයි කියලා මම හිතුවේ නැහැ. මෛත්‍රීපාල සිරිසේන මහතාට මම තාත්තා කෙනෙකුට වගෙයි ආදරය කළේ. තාත්තලා පුතාලගේ බෙල්ල කපන්නේ ඇයි කියලා තමයි ප්‍රශ්නය තියෙන්නේ."

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා,

"පොඩ්ඩක් එයාගේ වැඩකටයුතු නැවැත්තුවා. එයා කරන අනං මනං වැඩ නතර කරගෙන අපිත් එක්ක එකඟත්වයකට ආවා නම් පක්ෂයට එන්න පුළුවන්. අපි භාර ගන්නවා. හැබැයි ලේකම් තනතුරට නෙමෙයි. ළඟින්ම ඉන්න එක්කෙනාගෙන් තමයි.. ඉතින්."

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka