gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අල්ලස් කොමිසමේ 2022 රිපෝට් එක එයි! දාපු නඩු 89න් 45ක්ම ඉල්ලා අස්කරගෙන!

අල්ලස් හෝ  දුෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාව විසින් ඉකුත් වර්ෂයේ දි (2022) අල්ලස් හා දුෂණ සම්බන්දයෙන් නඩු  89ක් පවරා තිබු අතර  ඉන්නඩු 45ක් විවිධ හේතුන් මත ඉල්ලා අස්කරගෙන තිබු බව ජාතික විගණන කාර්යාලය පවසයි.

විගණිත දිනය වු 2022 වර්ෂයේ දෙසැම්බර් මස 19 වැනිදින වනවිට  නැවත නඩු පවරා තිබුණේ ඉන් නඩු 20කට පමණක් බවද විගණන වාර්තාවේ සදහන් වේ.


2021 වර්ෂයේ දි අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාව  විසින් අල්ලස් හා දුෂණ නඩු 69ක් අවසන් කරතිබු අතර ඉන් ඉන් නඩු 40ක් එනම් සියයට 58ක නඩු ඉල්ලා අස්කරගෙන තිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.

මින් නඩු18ක චුදිතයින් නිවරදිකරුවන් වි තිබුණි. වැරදිකරුවන් වි තිබුණේ නඩු 11ක චුදිතයින්  පමණක් බවද විගණන වාර්තාවේ සදහන් වේ.

මේ පිළිබද දුෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාවේ ප්‍රධාන ගණන්දිමේ නිලධාරියා විගණනයට සදහන් කොට ඇත්තේ  2022 වර්ෂයේ දි ඉල්ලා අස්කරගත් නඩු වලින්  20කට නැවත නඩු පවරා ඇති බවය.


09කට නඩු නොපැවරිමට තීන්දුකොට ඇති අතර 14ක් සදහා නඩු පැවරිමට කටයුතු කරමින් සිටින බවද ප්‍රධාන ගණන්දිමේ නිලධාරියා විගණනයට සදහන් කොට ඇත.

ඉතිරි නඩු දෙකෙහි සාක්ෂිවල පරස්පරතා පවතින  බැවින් නඩු  පැවරිම සම්බන්ධයෙන් සාකච්චා කරමින් පවතින බවද ගණන්දිමේ නිලධාරියා විගණනයට සදහන් කොට ඇත.

lankasara


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka