gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රාජ්‍ය අමාත්‍යවරුන් ජනපතිගෙන් ලේකම්වරුන් ඉල්ලයි! වෙනම විෂය පථ ලබා ගැනීමටත් සාකච්ඡා!

රාජ්‍ය අමාත්‍යාංශවල වැඩකටයුතු ඉදිරියට සිදු කරගෙන යෑමට අවශ්‍ය නම් රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයකු අවශ්‍ය බවත් අමාත්‍යාංශ ලේකම්වරයා සමඟ තවදුරටත් කටයුතු කිරීම අපහසු බවත් රාජ්‍ය අමාත්‍යවරුන් ජනාධිපතිවරයාගෙන් ඊයේ ඉල්ලා තිබෙනවා.

අමාත්‍යාංශ ලේකම්වරුන් සමඟ කටයුතු කිරිමේදී පැනනඟින ගැටලු රාශියක් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවත්, රාජ්‍ය අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක් පත් කර ගැනීමේ අවශ්‍යතාව මෙන්ම, වෙනම විෂය පථයක් සකස් කර ගැනීමේ අවශ්‍යතාව ඉතා වැදගත් බවත් මෙහිදී සාකච්ඡා වී ඇති බවයි වාර්තා වන්නේ.

එසේම රාජ්‍ය අමාත්‍යාංශයට වෙනම වැය ශීර්ෂයක් ලැබිය යුතු අතර ප්‍රධාන අමාත්‍යාංශය යටතේ පවතින මුදල් වෙන් කිරීම් සිදු කිරීමේදී ගැටලු මතුවෙන බවද මෙහිදී රාජ්‍ය අමාත්‍යවරුන් පෙන්වා දී තිබෙනවා.

මේ වනවිට රාජ්‍ය අමාත්‍යාංශ සතුව පවතින තත්ත්වයන් පිළිබඳව හා විෂය භාර ඇමැතිවරයාගෙන් සිදුවන බලපෑම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කිරීම සඳහායි මෙම විශේෂ සාකච්ඡාව පවත්වා ඇත්තේ.

රාජ්‍ය ඇමැතිවරුන්ට තමන්ගේ කාර්ය සිදු කිරීමට අවශ්‍ය සහයෝගය නිසි ආකාරයෙන් විෂය භාර කැබිනට් ඇමැතිවරුන් ලබා නොදීම පිළිබඳව පසුගියදා ජනාධිපතිවරයාට ලිඛිත සංදේශයක්ද භාර දී තිබුණා.

විවිධ අමාත්‍යාංශයන්වල රාජ්‍ය ඇමැතිවරුන්ට ජනතාවට සේවය කිරීමට අවශ්‍ය පහසුකම් ලබා නොදීම සම්බන්ධයෙන් කඩිනමින් ජනාධිපතිවරයා මැදිහත් විය යුතු බවද මෙහිදී ඔවුන් පවසා ඇති බව සඳහන්.

රාජ්‍ය අමාත්‍ය විෂය පථය සම්බන්ධයෙන් හා මුදල් වෙන්කිරීම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමු විය යුතු බවත්, ඒ සම්බන්ධයෙන් මැදිහත් වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහතික වූ බවත් සාකච්ඡාවට සහභාගි වූ රාජ්‍ය අමාත්‍යවරයෙක් කියා සිටියා.

විවිධ අමාත්‍යාංශ සතුව පවතින එකිනෙකට වෙනස් විෂය පථයන් පිළිබඳව අවධානය යොමු කරමින් අවශ්‍ය සංශෝධන සිදුකිරීම පිළිබඳව අවධානය යොමු කරන බවත්, කඩිනමින් රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන් පත්කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමටද ජනාධිපතිවරයා පොරොන්දු වූ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka