gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

Exclusive : සාරා ජෙස්මින්ගේ DNA ගැන කවුරුත් නොදන්න කතාව!

Sri lanka guardian හි පලවූ ලිපියක සිංහල පරිවර්තනය මෙහි දැක්වෙයි.

සයින්දමරුදු ආරක්ෂක නිවසේ සිදුවූ බෝම්බ පිපිරීමන් පසු සරා ජස්මින් හෙවත් පුලස්තිනි මහේන්ද්‍රන් එම ස්ථානයේදීම මිය ගිය බව සනාථ විය. නමුත් ඇගේ මරණය තහවුරු කිරීම සඳහා සිදු කළ DAN විමර්ශන ගැන විවිධ පාර්ශ්වයන් ප්‍රශ්න කරති. එම ස්ථානයේ අධි බලැති බෝම්බ කිහිපයක් පුපුරා ඇති බවට සනාථ වී ඇති බැවින්, බොහොමයක් සිරුරු කොටස් ඉතා කුඩා කෑලි වලට කැඩී ගොස් ඇත.

සහරාන්ගේ බිරිඳ වන හාදියාගේ ප්‍රකාශය මගින් සයින්දමරුදු ප්‍රහාරය අවස්ථාවේ දී සාරා ජෙස්මින් මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයක් පැළඳ සිටි බවට සනාථ කළේය. නමුත් එම කාරණය බොහෝ අයවලුන් සඟවමින් කතා කරති. එම පිපිරීමෙන් පසු ඇය පැය ගණනාවක් සිහිසුන් නොමැතිව සිටි බවත් පසුව අලුයම අවදි වූයේ සිය දියණිය වතුර ඉල්ලා කෑ ගැසීමෙන් පසුව බවත් සිය ප්‍රකාශනයේ සඳහන් කොට ඇත.

සාරා ජෙස්මින්ගේ මරණය තහවුරු කිරීම සඳහා DNA පරීක්ෂණ වලය අවශ්‍යය සාම්පල තුන් වතාවක් ගත් බව සත්‍යයකි. සිද්ධිය වූ වාහම 2019 මැයි 02 වන දින පවත්වන ලද මරණ පරික්‍ෂණයේ දී පිපිරුම් සිදු වූ ස්ථානයේ මළ සිරුරක් ලෙස හඳුනාගත හැකි වැඩිහිටි සිරුරු 06 ක් ද විනාශ වී ගිය වැඩිහිටි මළ සිරුරු 04 ක කොටස් සහ විනාශ වී ගිය දරුවන්ගේ මළ සිරුරු 06 ක රුධිර සාම්පල 26 ක් ලබාගෙන ඇත.

නමුත් ඉතිරි අවශේෂ කොටස් වල සාම්පල ලබාගෙන නොමැති බව තහවුරු විය. එහෙත් රස පරික්‍ෂක කාර්යාලය වෙත යොමු කරන ලද රුධිර සාම්පල වලින් සාම්පල 11 ක් නරක් වී ඇති බවත්, ඒ අනුව, නරක් වූ සාම්පල වලට අදාළ සිරුරු කොටස් වලින් පමණක් ඉන් පසු 2019 ජුනි 07 වන දින සාම්පල 11ක් ලබාගෙන දෙවන පරික්‍ෂාව සිදුකර ඇත.

එහෙත් මේ ගැන සිදුකළ තෙවැනි DNA පරීක්ෂණය 2022 අප්‍රේල් 27 වන දින සිදු කළේය. ඒ අනුව එම පිපිරුම සිදු වූ ස්ථානයේ තිබූ සියළුම මළ සිරුරු සහ අවශේෂ කොටස් ආවරණය වන පරිදි සාම්පල 83 ක් ලබාගෙන DNA පරික්‍ෂණය සිදුකර ඇත. එහිදී සාරා ජෙස්මින්ගේ මවගේ සහ සාරා ජෙස්මින්ගේ DNA සාම්පල සැසඳී ඇත.


මහේස්ත්‍රාත්වරයාගේ නියෝග මත මහසේත්‍රාත්, අධිකරණ වෛද්‍ය, රස පරික්‍ෂක ඇතුළු අනෙකුත් ආයතන වල නිලධාරින් ඉදිරියේ මෙම ක්‍රියාවලිය සිදුකර ඇත. විමර්ශන නිලධාරින් විසින් සියළු ශරීර කොටස් ආවරණය වන පරිදි රුධිර සාම්පල ලබානොගැනීම හේතුවෙන් පළමු වර සහ දෙවන වර පරික්‍ෂණ කටයුතු නිසි පරිදි සිදුවී නොමැත.

යොමුව මෙතනින්


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka