gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

"වත්මන් රජය වැඩ කරන්නෙත් ‌ගෝඨාභයගේ නියෝගවලටයි... පාස්කු ප්‍රහාරයේ තොරතුරු හංඟන්නේ අතේ ලේ තැවරුණු අයයි" - සජිත්ගෙන් ප්‍රකාශයක්!

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේ ලබා දුන් නියෝග, වත්මන් රජය ද ක්‍රියාත්මක කරමින් සිටින බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

අද පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ, ‍පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තාවේ දෙවැනි වෙළුමේ දෙවැනි හා තෙවැනි කොටස් පරිශීලනය කිරිමට විපක්ෂ නායකවරයා ලෙස ඉල්ලා සිටියත් එම ඉල්ලීම නොසලකා හරිමින් කරමින් එම කොටස් විපක්ෂ නායකවරයාට පවා පරිශීලනය කිරීමට අවස්ථාව ලබා නොදෙන බවයි.

මේ හේතුවෙන් තමන් සතු පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය වී ඇති බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවා.

මේ සා විශාල මිනිස් ඝාතන සිදුවී ව්‍යවසන සිදුවී ජීවිත අහිමි වී අදටත් සත්‍ය යථාර්ථය රටේ බහුතරයක් නොදන්නා මොහොතක රටේ විපක්ෂ නායකවරයාට ඇති අයිතිය පාවා මේ නිසා උල්ලංඝනය වී ඇති බවයි ඔහු පැවසුවේ.

එම ලේඛන පරිශීලනය කළ හැක්කේ මහලේකම්වරයාගේ අධීක්ෂණය යටතේ යැයි කීම අසාධාරණ බවත් තවදුරටත් සාක්ෂි සටහන් හා සාක්ෂි විමසීම් මහජන නියෝජිතයන්ගෙන් හංගන්නේ නැතිව සත්‍ය හෙළිදරව් විය යුතු බවද විපක්ෂ නායකවරයා මෙහිදි අවධාරණය කළා.

ගෝඨාභය රජය දුන් නියෝග මේ ආණ්ඩුව ක්‍රියාත්මක කිරීම වැරදි බව පැවසූ විපක්ෂ නායකවරයා, එම වාර්තා පාර්ලිමේන්තුවේ 225 දෙනාටම සැගවීම නොකළ යුතු බවයි මෙහිදි පෙන්වා දුන්නේ.

බ්‍රහස්පතින්දා සහ සිකුරාදා ඇති විවාදයට පෙර එම කොටස් කියැවීමට හා ලබා ගැනීමට කටයුතු කරන ලෙසත් එසේ නොකළහොත් හෝ සඟවා තිබුණෙත් එය හංඟන්නේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අතේ ලේ තැවරුණු අය ලෙස හදුන්වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් අවධාරණය කළා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka