gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

“මුං මිනිස්සු මරලා බලයට ආපු අය.. පට්ට හිරිකිතයි ඒ වීඩියෝ එක බලන්න” – හිරුණිකා හතර වටේටම අමතයි (VIDEO)

පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් මිනිසුන් දෙසිය ගණනක් මිය ගියත් ගාණක් නැති අයට සෞඛ්‍ය ප්‍රශ්නය නිසා එහෙන් මෙහෙන් ආරංචි වන මරණ මැස්සන් මදුරුවන් මැරෙනවා වැනි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසනවා.

ඇය තවදුරටත් පවසන්නේ චැනල් 4 වැනි ජාත්‍යන්තර නාලිකා සිදු කරන්නේ විමර්ශනාත්මක මාධ්‍යකරණයක් බවත්,එවන් මාධ්‍යකරණයකට පසු එහි සත්‍ය අසත්‍යතාවය සොයා ගැනීමට ඔවුන් විසින් ම උදාහරණ සොයන බැවින් මෙය අසත්‍යයක් විය නොහැකි බවයි.

ඒ මහත්මිය තවදුරටත් පවසන්නේ ලංකාවේ එවන් මාධ්‍ය ආයතන පවතින්නේ අතේ ඇඟිලි ගණනටත් අඩුවෙන් බවයි.

මේ වැඩසටහනේ විශේෂත්වය වන්නේ මෙය ලංකාව තුළ දැනටමත් ඔප්පු වුණ කාරණාවක් වීමත්, ලංකාව තුළ මේ කරුණු එළියට ගියේ නැති නමුත් පාර්ලිමේන්තු කමිටුවේ ද,විශේෂයෙන් ම ගෝඨාභය රාජපක්ෂ එයින් සොයා ගත්ත කරුණු ජනතාව අතරට නොයැවූ බවයි.

එයට හේතුව ලෙස ඇය පවසන්නේ අදාළ වාර්තාවල පැහැදිලිවම සහරාන් ඇතුළු ත්‍රස්තවාදීන් ශ්‍රී ලංකාවේ බුද්ධි අංශ සමඟ සබඳතා පැවැත්වූ බව හෙළිකොට ඇති නිසා බවයි.

ඇය තවදුරටත් පවසන්නේ මෙය රනිල් වික්‍රමසිංහ මහතාට රනිල් රාජපක්ෂ යන නාමය ඉවත් කර ගැනීමට හොඳ අවස්ථාවක් බවත් ඒ සඳහා ඔහු කළ යුතු එකම දේ මෙම චෝදනාවලට ලක් වූ පුද්ගලයන් පිළිබඳව අපරධමය විමර්ශනයක් සිදු කිරීම බවයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka