gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මගී ප්‍රවාහන බස් සේවයත් විදේශිකයන්ට විකුණන සූදානමක!

බස්නාහිර පළාත තුළ විදුලි බස් රථ සේවය නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කරණ මුවාවෙන් මගී ප්‍රවාහන බස් සේවයද විදේශිකයන්ට ලබා දීමට ආණ්ඩුව පියවර ගෙන ඇතැයි බරපතල සැකයක් මතු වී තිබේ.

මෙම සැකයට හේතු වී තිබෙන්නේ පසුගිය 28 වෙනි දින ප්‍රවාහන ඇමති බන්දුල ගුණවර්ධන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ සංදේශයක් සම්මත කිරීමෙන් පසුවය. එම කැබිනට් සංදේශය අනුව විදුලි බස් රථ 200ක් බස්නාහිර පළාත තුළ යොදවමින් නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට විදේශ ආයෝජකයන් සහභාගී කර ගැනීමට නියමිතය.

එම කැබිනට් සංදේශයෙහි දක්වා තිබෙන්නේ එම ආයෝජකයන් විසින් අදාල බස් රථ 200 ලබාදීම සහ විදුලි ආරෝපන සේවා මධ්‍යස්ථාන ආරම්භ කරන බවය. එහෙත් බස් රථ 200 ලංකා ගමනාගමන මන්ඩල යටතේ ධාවනය කරන බවද ලීසිං වාරික අදාල සමාගමට ගෙවීමෙන් පසුව එම බස් රථ ගමනාගමන මණ්ඩලයට අයත් වන බව ප්‍රකාශයට පත් කර තිබේ. බස් රථ ගමනාගමන මණ්ඩලයට පැවරෙන බව දක්වමින් මෙරට මගී ප්‍රවාහන බස් සේවයද විදේශීය ආයෝජකයන් හට විකුණා දැමීමේ නියමු ව්‍යාපෘතියක් මෙයින් සිදු කරනු ඇති බවට බස් ව්‍යාපාරයේ යෙදී සිටින සියලුදෙනාගේ බලවත් සැකයක් මතු වී ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka