gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

“සජිත්ව මරන්න කාටවත් ඕනෙ නෑ... අපි හරක් මස් කන්නෙ නෑ” – එජාප මහලේකම් කියයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඝාතනය කිරීමට කිසිවකු උනන්දු නොවන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසුවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ජීවිත තර්ජන පවතින බවට කර ඇති ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින්, අද පැවැති ජනමාධ්‍ය හමුවකදී එජාප මහලේකම්වරයා මේ බව සඳහන් කළා.

“ප්‍රේමදාස මහත්තයව මරන්න කවුරුත් උනන්දු නැහැ. අපි හරක් මස් කන්නේ නැහැ,” යැයි ඔහු එහිදී පැවසුවා.

විපක්ෂ නායකවරයා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇති බව සමගි ජන බලවේගයේ මුස්ලිම් නියෝජිතයකු තමා සමග පැවසූ බව එහිදී සඳහන් කළ එජාප මහලේකම්වරයා, සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට ප්‍රසිද්ධියේ “බොරු කියන” බවද වැඩිදුරටත් සඳහන් කළා.

“ඒ වගේම ප්‍රේමදාස මහත්තයා පහුගිය කාලේ හැසිරුණු හැටි අපි අත්දැකලා තියෙනවා. කරු ජයසුරියව එක පාරක් එජාප නායකත්වයට ඉදිරිපත් කළා. ඊට පස්සේ ඩලස් අලහප්පෙරුමව ජනාධිපතිධූරයට ඉදිරිපත් කළා.” යැයි හෙතෙම පැවැසුවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka