තැපෑලේ නම අවභාවිතා කර ව්‍යාජ වෙබ් අඩවියක් වංචනික ලෙස ක්‍රෙඩිට් කාර්ඩ් සහ ඩෙබිට් කාර්ඩ්වල දත්ත අරන්!
ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය හා සමාන වේබ් අඩවියක් සකසා දෙපාර්තමේන්තුවේ නිල නාමය අවභාවිතා කරමින් මහජනතාවගේ ණය කාඩ්පත් සහ හර කාඩ්පත්වල තොරතුුරු ලබා ගන්නා වංචනික ව්‍යාපෘතියක් තැපැල් දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කරගෙන ඇති බව තැපැල්පති එස්.ආර්.ඩබ්ලියු.එම්. ආර්.පී සත්කුමාර නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.
මෙම වංචාව සඳහා තැපැල් දෙපාර්තමේන්තුවේ වෙබ් ලිපිනය ද වංචනිකව අවභාවිත කර ඇති බව ද තැපැල්පතිවරයා කියයි.
තැපැල් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය කිසිදු මාර්ගගත ගනුදෙනුවක් සඳහා පහසුකම් සලසා නැති බව ද මෙවැනි වංචාකරුවන්ට හසු නොවන ලෙසද එම නිවේදනයේ තැපැල්පතිවරයා දන්වා සිටී.
එම නිවේදනය පහත දැක්වේ.
තැපෑලේ නම අවභාවිතා කර ව්‍යාජ වෙබ් අඩවියක් වංචනික ලෙස ක්‍රෙඩිට් කාර්ඩ් සහ ඩෙබිට් කාර්ඩ්වල දත්ත අරන්!
2023-09-09T20:20:00+05:30
Gossip Lanka Hot News







