මොරොක්කෝ ඛේදවාචකයෙන් මියගිය ගණන 1000 ඉක්මවයි! මරණ ගණන තවත් ඉහළ යා හැකියි!
ලොවක් සසල කළ මොරොක්කෝ භූ කම්පනයෙන් මියගිය පිරිස 1,037 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එමෙන්ම තවත් 672 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව සඳහන්.
ඊයේ රාත්‍රී 11 ට පමණ රිච්ටර් මාපකයේ ඒකක 6.8 ක ප්‍රබල භූ කම්පනයක් මෙලෙස එරටින් වාර්තා වූ අතර, විපතට පත්වූවන් ගලවා ගැනීමේ මෙහෙයුම් තවමත් ක්‍රියාත්මකව පවතිනවා.
බලධාරීන් සඳහන් කරන්නේ බොහෝ මරණ වාර්තා වන්නේ ළඟා වීමට පවා අපහසු කඳුකර ප්‍රදේශවලින් බවයි.
එමෙන්ම එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත්තේ මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව.
ජීවිත මෙන්ම දේපළ රැසක් ද අහිමි කළ ඛේදවාචකය හේතුවෙන් යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් වන මරකේෂ් හි පැරණි නගරයට ද දැඩි හානි පැමිණ වී ඇති බව සඳහන්.
ඒ අනුව අප්‍රිකාවේ වඩාත් ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන මරකේෂ්, මෙලෙස දැඩි ව්‍යසනයකට මුහුණ පෑම එරට සංචාරක ක්ෂේත්‍රයට විශාල පහරක් එල්ල කරන බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

2023-09-09T20:13:00+05:30
Gossip Lanka Hot News