gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

යුද හමුදා සාමාජිකයින් ගණන ලක්ෂයක් දක්වා අඩු කිරීමට තීරණය කරයි

යුද හමුදා සාමාජිකයන් ගණන 2030 වසර වන විට ලක්ෂයක් දක්වා අඩු කිරීමට රජය සැලසුම් කර තිබේ.

දැනට දෙලක්ෂය ඉක්මවා ඇති යුද හමුදාවේ අනුමත කාර්ය මණ්ඩලය හරි අඩකින් අඩු කිරීම රජයේ ඉලක්කයයි.

වැඩබලන ආරක්ෂක ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කරන්නේ 2030 වසර වන විට යුද හමුදා සාමාජිකයන් කරන ලක්ෂයක් දක්වා අඩු කිරීමට රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇති බවයි.

ඊට සමාන්තරව නාවික හා ගුවන් හමුදා සාමාජිකයන් සංඛ්‍යාව ද අඩු කිරීමට අදහස් කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka