gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

තලංගම ලැගුම්හලේදී ඝාතනය වූ මනෝ උපදේශිකාවගේ මෘත ශරීරය භාරගන්න කවුරුවත් නෑ! දේහය දවස් 8ක් තිස්සේ පොලිස් මෝචරියේ!

තලංගම බත්තරමුල්ලේ ලැගුම්හලක දී ගෙල කපා ඝාතනයට ලක් වූ මනෝ උපදේශිකා සුජාතා මානාභරණගේ දේහය මේ දක්වා කිසිවෙකු හඳුනාගෙන හෝ බාරගෙන නොතිබීම ගැටලුවක් ඇති කර තිබේ.
මේ නිසා මනෝ උපදේශිකාවගේ මළ සිරුර දින 8ක් තිස්සේ කොළඹ පොලිස් මෝචරියේ තබා ඇතැයිද වාර්තාවේ.
 
සිමාය යයි හදුන්වා ගත් පුද්ගලයෙකු සමග හෝටලයේ නතරවී සිටියදී ඇය ඝාතනය වීමෙන් පසු එකී පුද්ගලයා පලාගොස් තිබූ අතර, ඝාතකයා සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු වැදගත් තොරතුරක් අනාවරණය වී නැතැයි තලංගම පොලිසිය කියයි.
 
මනෝ උපදේශකවරිය ඉකුත් මස 26 වැනි දා පිරිමියකු සමඟ ලැගුම් හලට පැමිණ තිබූ අතර, තුන්වැනිදා දහවල් කාලයේ සිට කාන්තාව පෙනෙන්නට නොසිටීම නොසිටීම හේතුවෙන්  සොයා බැලීමේදී ඇඳ උඩ ලේ විලක් මැද මැරි සිටින අයුරු හඳුනාගන්නට ලැබුනි.
 
මනෝ උපදේශකවරිය යුද සමයේ දී පොලිසියට සහ ත්‍රිවිධ හමුදාවට මනෝ උපදේශන කටයුතුවල නියැළුණු තැනැත්තියක බවට, ඇයගේ ඡායාරූප සමග සමග පළ පළ වූ පුවත්පත් වාර්තා වලින් පමණක් පොලිසිය හඳුනාගත් නමුත් ඇය ගැන වගකීම ගන්නට කිසිවෙකු මෙතෙක් ඉදිරිපත්ව නැත.
 
කාන්තාව රැඳී සිටි බව කියන වීරකැටිය හපුතලේ හා උණවටුන ආදී ප්‍රදේශවල ඇය පිළිබඳ තොරතුරක් දන්නා පුද්ගලයන් සිටිනවාදැයි සොයා බැලුව ද කිසිදු තොරතුරක් සොයාගැනීමට මෙතෙක් නොහැකි වූ බවත් ඇය පරිහරණය කළ ජංගම දුරකථනයේ සිම් කාඩ් පත ද ලබාගෙන ඇත්තේ වෙනත්  පුද්ගලයෙකුගේ හැඳුනුම්පතකට බවත් පොලිස් විමර්ශනවල දී අනාවරණය වී තිබිණි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka