gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කාලගුණ අනාවැකි බොරු වීමේ හේතුව මෙන්න! විගණනය කියයි

කාලගුණ විද්‍යා අනාවැකිකරණයේ දි ඩොප්ලර් රේඩාර් පද්ධතියක දැඩි අවශ්‍යතාවක් පැවතියද වර්ෂ 15ක ආසන්න කාලයක සිට එම පද්ධතිය නොමැතිව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් කාලගුණ විද්‍යා අනාවැකි හා පුරෝකථන ලබා ‍ෙ ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ.

ඩොප්ලර් රේඩාර් පද්ධති පුත්තලම හා පොතුවිල් කාලගුණ මධ්‍යස්ථාන භුමියේ ස්ථාපනය කිරිම සඳහා රුපියල් මිලියන 513.78ක ප්‍රතිපාදන වෙන්කොට තිබුණි. මෙකි ව්‍යාපෘතිය සඳහා ගිවිසුම්ගත වී (2017.2021) වසර හයක් ගත වී ඇතත් රේඩාර් පද්ධතියේ ඉදිකිරිම් කටයුතු ආරම්භ කොට නොතිබුණි. උපකරණවල මිල ගණන් ඉහළ යෑම නිසා ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවීම මත ව්‍යාපෘතියේ ඉදිකිරිම් කටයුතු ආරම්භකර නොතිබූ බවද විගණන වාර්තාවේ සඳහන් වේ.
 
2022 වර්ෂයේ මැයි මාසයේ දි ජයිකා ආයතනය විසින් රේඩාර් පද්ධති 02ක් වෙනුවට එක් පද්ධතියක් පමණක් ස්ථාපනය කිරීමට එකඟතාව පලකොට ඇති බවට කාලගුණ විද්‍යා දේපාර්තමේන්තුව මගින් සඳහන් කළද එය නිල වශයෙන් දන්වා ඇති බවට සාක්ෂි විගණනයට ඉදිරිපත් නොවු බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

ලලිත් චාමින්ද


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka