ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම්වරයෙක් වන පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මහ ලේකම්වරයකු වන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව ස්වාධීනව කටයුතු කරන මන්ත්‍රී කණ්ඩායමේ කිහිප දෙනෙකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමු වී තිබෙනවා.
පසුගිය 23 වැනිදා පැවති එම හමුවේදී ඔවුන් වර්තමාන දේශපාලන තත්ත්වය සහ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳ සාකච්ඡා කළ බවයි වාර්තා වන්නේ.
හිටපු ජනාධිපතිවරයාගේ කොළඹ පිහිටි නිල නිවසේදී මෙම හමුව පැවති අතර, එහිදී ඉදිරි මැතිවරණයකදී දේශපාලන වශයෙන් සන්ධානගත වීමට අදාළ මූලික සාකච්ඡාද පවත්වා තිබෙනවා.
රටේ ඉදිරි ආර්ථික කටයුතු, විදේශ සබඳතා දේශීය හා විදේශීය ආයෝජන ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමුව ඇති බව සඳහන්.
මෙම සාකච්ඡාවේදී ඔවුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ යළිත් එක්වීම සම්බන්ධයෙන් කතාබහ කළ බවට වාර්තා පළ වූවත්, ඒ සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර ඍජුව අදහස් හුවමාරු වී නැහැ.
මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් අමාත්‍ය මහින්ද අමරවීර, ජාතික සංවිධායක දුමින්ද දිසානායක, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව ඇති බවයි තවදුරටත් වාර්තා වන්නේ.