gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කෙරුවාව මෙන්න

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රජයේ ප්‍රතිපත්ති සම්පාදකයෝය. ඔවුන් පාර්ලිමේන්තුවට තෝරා පත්කර යවන මහජනයා බලාපොරොත්තු වන්නතෙම නියෝජිතයන් මහජනතාවගේ මතය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවේ රාජ්‍යයේ පැවැත්ම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කරනු ඇතැයි යනුවෙනි.

ප්‍රතිපත්ති සම්පාදනයේ දී අණ පනත් සහ යෝජනා යනු ඉතාමත් වැදගත් දෙයකි. පාර්ලිමේන්තුවේ දී සම්මත වුණු යෝජනා සහ පනත්වලට අදාළව පැවැති ඡන්ද විමසීම්වල දී මහජනතාවගේ නියෝජිතයන් කවර ආකාරයකින් කටයුතු කර ඇත්ද යන්න පිළිබඳ නැවත සොයා බැලීම අතිශය වැදගත් වේ.

Manthri.lk වෙබ් අඩවිය 2023 වර්ෂයේ සිට මේ දක්වා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී තිබූ යෝජනා සහ පනත් සම්බන්ධයෙන් ඡන්ද විමසීම් පැවැත්වෙන අවස්ථාවල දී මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකලාපය අධ්‍යයනය කර තිබේ. එහි දී ඔවුන් අවදානය යොමුකර ඇත්තේ මන්ත්‍රීවරුන් ඡන්ද විමසීම් සඳහා සහභාගී වන්නේ ද නොවන්නේ ද යන්න සම්බන්ධයෙනි. නැතිනම් මහජන නියෝජිතයන් වන මන්ත්‍රීවරු සැබැවින් ම තමන්ට නියෝජිත අවස්ථාව ලබාදුන් ජනතාවගේ අපේක්ෂාවන් කොතරම් දුරට සහභාගීත්වයෙන් ඉටුකර ඇත්ද යන්න සම්බන්ධයෙනි.

මේ අධ්‍යයනයේ දී 2023 වර්ෂයේ මෙතෙක් පාර්ලිමේන්තුවේ පැවැති ඡන්ද විමසීම් 08ක් පිළිබඳ අධ්‍යයනය කර ඇත. එහි දී පෙනී ගොස් ඇත්තේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් 39.2% ක් ම ඡන්දය විමසන අවස්ථාවල දී පාර්ලමේන්තුවට නොපැමිණීමේ සාමාන්‍යයක් පෙන්වන බවයි.

*ජනවාරි 18 වැනි දා පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම් අවස්ථාවට මන්ත්‍රීවරු 195 දෙනකු ම පැමිණ සිටියේ නැත. ඒ අනුව නොපැමිණීමේ ප්‍රතිශතය 87.1කි.

*ඉන් පසු ජනවාරි 19 වැනි දින මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත තුන්වැනිවර කියවීමේ ඡන්ද විමසීම පැවති අතර ඡන්ද විමසන අවස්ථාවේ දී මන්ත්‍රීවරු 92ක් සභාගැබේ සිට නැත. ඒ අනුව එම ඡන්ද විමසීමේ නොපැමිණිමේ ප්‍රතිශතය 41.1%කි.
මාර්තු 21 වැනි දින නීති අධ්‍යාපන සභා පනත සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් සිදුකර ඇති අතර පාර්ලිමේන්තුවේ සිටිය යුතු මන්ත්‍රීවරුන්ගෙන් 49.5%ක් හෙවත් 111 දෙනකු පැමිණ නැත.

*ශ්‍රී ලංකාව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම යටතේ වූ සැකසුම ක්‍රියාත්මක කිරීම සඳහා වූ යෝජනා සම්මත කිරිමේ අවස්ථාව සඳහා මන්ත්‍රීවරු 78 දෙනකු සහභාගී වී තිබුණේ නැත. එය ප්‍රතිශතයක් ලෙස 34.8%කි.

*මැයි මස 24 වැනි දින අත්‍යාවශ්‍ය මහජන සේවා පනත සම්බන්ධයෙන් ඡන්දය විමසන අවස්ථාවේ දී මන්ත්‍රීවරුන්ගෙන් 13.4% හෙවත් 30 දෙනකු පාර්ලිමේන්තු සභා ගැබ තුළ සිටියේ නැත. එදින ම (මැයි 24) ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක තනතුරෙන් ඉවත්කිරීමට ගෙන ආ යෝජනාව සම්බන්ධයෙන් ඡන්දය විමසන අවස්ථාවේ දී ද මන්ත්‍රීවරු 24 දෙනකු සභා ගැබේ සිටියේ නැති අතර එම සංඛ්‍යාව ප්‍රතිශතයක් ලෙස 10.7%කි.

*ජූලි මස 01 වැනි දා දේශීය ණය ප්‍රශස්තකරණය ක්‍රියාත්මක කිරීම සඳහා වූ යෝජනාව පිළිබඳ ඡන්ද විමසන අවස්ථාවේ දී  සභාගැබේ මන්ත්‍රීවරු 40 දෙනකු නොසිටි අතර ඒ සඳහා නොපැමිණි මන්ත්‍රී ප්‍රතිශතය ඒ අනුව 17.9% වෙයි.

*ඉන් අනතුරුව ජූලි මස 19 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම පැවැති අතර ඒ සඳහා මන්ත්‍රීවරු 134 දෙනකු සහභාගී වී නැත. එය ප්‍රතිශතයක් ලෙස 59.8% වෙයි.

*ඇතැම් මන්ත්‍රීවරු මේ එකම ඡන්ද විමසීමකටවත් සහභාගීවෙලා නොතිබීමත් විශේෂත්වයකි. එමෙන් ම මේ සියලු ම ඡන්ද විමසීම්වලට සහභාගී වූ මන්ත්‍රීවරු සුළු පිරිසක් ද සිටිති

එකම ඡන්ද විමසීමකටවත් සහභාගී නොවූ මන්ත්‍රීවරු 04 දෙනෙකි

තිස්ස විතාරණ
සී.වී.විග්නේෂ්වරන්
ධර්මලිංගම් ශ්‍රීතරන්
ගෝවින්දන් කරුණාකරන්

ඡන්ද විමසීම් 08 සඳහා සහභාගී වූ මන්ත්‍රීවරු

අගමැති දිනේෂ් ගුණවර්ධන
සුසිල් ප්‍රේමජයන්ත
බන්දුල ගුණවර්ධන
ප්‍රසන්න රණතුංග
සමන්ප්‍රිය හේරත්
චාමර සම්පත් දසනායක
ජානක වක්කුඹුර
රජිකා වික්‍රමසිංහ
අනුරාධ ජයරත්න
චින්තක මායාදුන්නේ
යදාමිණි ගුනවර්ධන

මේ අනුව ජනතාව සිතා බැලිය යුත්තේ තමන් විසින් පාර්ලිමේන්තුවට පත්කර යැවූ මහජන නියෝජිතයන් සැබැවින්ම ජනතාව විසින් ලබාදුන් වගකීම ඉටුකරන්නේ ද යන්න පිළිබඳවය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka