අද (02) සහ හෙට (03) දෙදින තුළ ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිතරවීමට නියමිතව සිටි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිංග් නොවැලැක්විය හැකි හේතුවක් නිසා සිය සංචාරය කල් දමා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
“නොවැලැක්විය හැකි හේතුවක් නිසා රක්ෂා මන්ත්‍රී ශ්‍රී රාජ්නාත් සිං ශ්‍රී ලංකා සංචාරය වෙනත් දිනකට කල් දමන බවත්, හැකි ඉක්මනින් ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවන බවත් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් ද්වී පාර්ශවික සම්බන්ධතා වෙනුවෙන් ඔහු කැපවන බවත්” ආරක්ෂක අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් ඊයේ (01) සවස මාධ්‍ය වෙත වාර්තා කර ඇත.
සැලසුම් කළ නිල සංචාරක අවස්ථාවේ දී ඉන්දීය ආරක්ෂක ඇමතිවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අගමැති දිනේෂ් ගුණවර්ධන සමග සාකච්ඡා කිරීමට සැලසුම් කර තිබුණේය.
ඉන්දීය මාධය අනුව එම හමුවල දී ශ්‍රි ලංකාව සමග ඉන්දියාවේ සබඳතාවල සම්පූර්ණ පරාසය සමාලෝචනය කිරීමට සැලසුම් කර තිබී ඇත. එමෙන්ම ආරක්ෂක ඇමතිවරයාගේ සංචාරයේ දි ඔහු නුවරඑළිය සහ ත්‍රී කුණාමලයේ සංචාරය කිරීමට නියමිතව තිබී ඇත.
එහෙත් මෙම සංචාරයට සමගාමීව සැලසුම් කර තිබුණු පරිදි ඉන්දීය නාවික හමුදාවේ ප්‍රථම ස්වදේශීයව නිර්මාණය කර නිෂ්පාදනය කරන ලද මාර්ගෝපදේශන මිසයිල නාශක නෞකාව වන INS දිල්ලි ඊයේ (01) කොළඹට ළඟා විය.
INS Delhe යුද නැව ඊයේ (01) කොළඹ වරායට පැමිණි අවස්ථාව
