gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මම පාර්ලිමේන්තුවේ මේ ගැන කියනවා... පාස්කු සිද්ධියට සම්බන්ධ හැමදේම හෙළිකරනවා - මෛත්‍රී වැඩ පටන් ගනී (VIDEO)

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  ඊයේ උදෑසන උත්සවයක් අතරතුරදී මාධ්‍යවේදීන් වෙත තම අදහස් මෙසේ දක්වා සිටියේය.

'මන්ත්‍රීවරයෙකුට වෙඩි පහර වදිනව වගේම රටේ සිදුවන මංකොල්ලකෑම්,මිනීමැරුම් ,අපරාධ,පාතාලයේ ක්‍රියාකාරකම් කුඩු ජාවාරකම් වැඩි වෙලා තියෙනවා.ඒකට හේතුව තමයි ආන්ඩුවේ අස්ථාවරභාවය.සෑම ආයතනයක්ම අස්ථාවරයි.රටේ ස්ථාවර ආන්ඩුවක් තියෙනවනම් යම්  කිසි විනයක්  ඇතුව විධිමත්ව ඒ ආයතන පවත්වාගෙන යන්න පුලුවන්.අද රජයේ නිළධාරීන්ටත් නිවැරදි විදිහට උපදෙස් දෙන්නෙ නෑ.ඒ නිසා තමයි මේ දේවල් වෙන්නෙ.ඒ මන්ත්‍රීවරයා වෙඩි වැදීමෙන් බේරීම ගැන අපි සතුටු වෙනවා වගේම ඒ වෙඩි ප්‍රහාරය එල්ල කිරීම පිලිබද කණගාටු වෙනවා.මේක එක තැනක තියෙන ප්‍රශ්ණයක් නෙමෙයි රටේ අපරාධ වැඩිවෙලා තියෙනවා.ඒ තත්වයෙන් මුදවා ගන්න ස්ථාවර ආන්ඩුවක් රටට අවශ්‍යයි.ඒකට ලබන අවුරුද්දෙ පිලියමක් ලැබෙයි.ලබන අවුරුද්දෙ ජනාධිපති චන්ද මහා මැතිවරණ තියෙයි.එතකොට අපිට බලා ගන්න පුලුවන් ස්ථාවර ආන්ඩුවක් හැදුනහම ඒ ජයග්‍රහණය කරන කෙනාට අපේ සහයෝගය ලබා දීමයි අපේ බලාපොරොත්තුව.ජනාධිපති චන්දද මහා මැතිවරණද කියල තාම දැන ගන්න නෑ.නමුත් ඒ ඕනම මැතිවරණයකට අපි සූදානම්.ඒ වෙලාව ආපුවහම අපි ක්‍රියා කරනවා.වී මිළ හුගක් පහල  වැටිලා තියෙනවා.රජය වී මිළදී ගන්න ඕන .රජය වී මිලදී ගන්නෙ නැති නිසයි මේ ප්‍රශ්ණය.රජයේ වී අලෙවි මණ්ඩල ගබඩාවලට වී ගන්නෙ නෑ.ඒ නිසයි ගොවීන්ගේ වී මිළ බැහැලා තියෙන්නෙ.ඒ නිසා ගොවියාගේ ආර්ථිකය ශක්තිමත් කලොත් තමයි රටේම ආර්ථිකය ශක්තිමත් වෙන්නෙ.ඒ ප්‍රශ්ණය විසදීම රජයේ වගකීමක්.පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් කරන්න කියලා කාදිනල්තුමාට කලින් අපියි ඉල්ලුවේ.දැන් එක්සත් ජාතීන්ගේ සංගමයත් කියලා තියෙනවා ජාත්‍යන්තර පරීක්ෂණයක් කරනවා කියලා.තවත් ලෝකයේ විවිධ සංවිදාන කියනවා මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍යයි කියලා.මමත් එක්සත් ජාතීන්ගේ සංවිදානයේ ශ්‍රී ලංකාවේ නියෝජිතයාට ලබන සිකුරාදා ජාත්‍යන්තර පරීක්ෂණයක අවශ්‍යතාව පිලිබදව දන්වනවා.ඒ වගේම පාර්ලිමේන්තුවේ මේ සතියේ විවාදයක් තියෙනවා.ඒ විවාදයේදීත් මම බලාපොරොත්තු වෙනවා මේ අවුරුදු 04ක් තිස්සේ මාව නොමරා මැරුවා.ඒ නිසා මේ කරුණුවල සත්‍ය මොකක්ද කියලා.මේක මේ රටේ නිලධාරීන්ට භාරදීලා බෑ.නිළධාරීන් හොදයි.නිළදාරීන්ට මේක නිවැරදිව කරන්න දේශපාලකයො දෙන්නෙ නෑ.ඒ නිසා,මේ සදහා පිටස්තර නිරීක්ෂණ හා පරීක්ෂණ කණ්ඩායමක් තමයි අවශ්‍ය වෙන්නෙ.'


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka