gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ලසන්ත ඝාතනය ගැනත් ට්‍රිපෝලි පැලැටූන් ගැනත් චැනල් 4 හෙළි කරයි

2019 වසරේ අප්‍රේල් විසි එක, පාස්කු ඉරිදා උදෑසන, දේවස්ථාන සහ තරුපන්තියේ හෝටල් ඉලක්ක කර ගනිමින් බෝම්බ ප්‍රහාර හයක් එල්ල වූ අතර, ඉන් පුද්ගලයන් 269 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය. ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදීන්, ජාතික තවුහිද් ජමාත් නම් ඉස්ලාමීය අන්තවාදී සංවිධානයකට සම්බන්ධ පිරිසක් බව කඩිනමින් හදුනා ගනු ලැබී ය. 
බෝම්බ ප්‍රහාරයෙන් මාස කිහිපයකට පසුව, ආන්දෝලනාත්මක රාජපක්ෂ පවුල යළි ශ්‍රී ලංකාවේ පාලනය බලය අත්පත්කරගත් අතර, බෝම්බ ප්‍රහාරය හුදු ත්‍රස්තවාදී ක්‍රියාවක් බවට ඌනනය කරනු ලැබී ය.

ඒ නමුත්, විමර්ශන මගින් සොයා ගනු ලැබූ තොරතුරු සහ තොරතුරු ලබා දෙන්නන්ගේ ලොමුදැහැගන්වෙන හෙළිදරව් කිරීම් සමග, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අළුත් චෝදනාවක් ඉදිරිපත් කර තිබේ.

එම චෝදනාව විශ්මයදනවසුළු වුවත්, සෘජු ය.

චෝදනාව වන්නේ, රාජපක්ෂ හිතවතුන්ට තවුහිද් ජමාත් සංවිධානය සමග සමීප සම්බන්ධතා පැවති බවයි. එම සම්බන්ධතා, ප්‍රහාරයට පෙර, තවුහිද් ජමාත් සංවිධිනයට අයත් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම වළක්වා ඇති අතර, ප්‍රහාරයට පසුව, ප්‍රහාරය පිළිබදව පූර්ණ විමර්ශනයක් කිරීමට බාධා පමුණුවා ඇත.

චැනල් ෆෝ නාලිකාව විසින් නිපදවා ඇති වාර්තා වැඩසටහනේ මුල් කොටස, නූතන ලාංකීය දේශපාලනය සම්බන්ධයෙන් වූ සාරාංශයක් යැයි කිව හැකි ය. එම කොටසෙහි, බලය සහිත පුද්ගලයන් එම බලය මෙහෙයවන ආකාරයත්, ඔවුන්ගේ බලයට අභියෝගයක් එල්ල වූ විට, ඔවුන් යන දුර පිළිබදවත්, යම් හෙයකින් සිය බලය අහිමිවුවහොත්, යළි එම බලය අත්පත්කර ගැනීම සදහා ඔවුන් බලා සිටින ආකාරයත් පිළිබදව අපූරු කතාන්දරයක් පවසයි.
1983 දී දෙමළ සන්නද්ධ අරගලය පැන නැගුණු අතර, එය, යුද්ධය අවසන් වූ 2009 වසර දක්වා දිග්ගැහුණු සිවිල් යුද්ධයක් බවට පත්ව තිබුණි.

යුද්ධය අවසන් කිරීම මහින්ද රාජපක්ෂ පාලන සමය තුළ සිදු වූ අතර, එවකට ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ගන්නා ලද ක්‍රියාමාර්ග බොහෝමයක් යුධ අපරාධ ලෙස නම් කෙරුණි. මේ සම්බන්ධයෙන් චැනල් ෆෝ නාලිකාව 2011 වසරේ දී, ශ්‍රී ලංකාස් කිලිං ෆීල්ඩ් යන නමින් වාර්තා වැඩසටහනක් නිෂ්පාදනය කළ අතර, ශ්‍රී ලංකා බළධාරී එම වාර්තා චිත්‍රපටය දැඩිව විවේචනය කළේ ය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ, ජනාධිපතිවරයා විසින් ආරක්ෂක ලේකම් ලෙස පත් කරන ලද ඔහුගේ බාල සොහොයුරු ගෝඨාභය රාජපක්ෂ, බිය විය යුතු නායකයන් බවට, පත්ව තිබුණි. දේශපාලන විරුද්ධවාදීන් තර්ජනයට හෝ පහර කෑමට ලක්විය.

චැනල් ෆෝ වාර්තා චිත්‍රපටය, 2009 වසරේ දී සිද්ධ වූ මාධ්‍යවෙ ්දී ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය ගැන සිහිකැදවා තිබේ.
“නිදහසේ අවයව පාලනය කිරීම සදහා පාලකයන් විසින් ඝාතනය භාවිතා කරමින් සිටියි”, ලසන්ත ඔහුගේම මරණයට පෙර එසේ ලියා තිබුණි.

එවැනි ප්‍රචණ්ඩකාරී පලි ගැනීම් සිදු කිරීම සදහා ට්‍රපෝලි ප්ලැටූන් නම් රහසිගත කණ්ඩායමක් සිටි බව, චැනල් ෆෝ චෝදනා කරයි.

උග්‍ර පවුල්වාදයක් සහ දැඩි දූෂණයක් දියත් කරමින් සිටි රාජපක්ෂවරු, 2015 වසරේ පැවති ජනාධිපතිවරණයෙන් පරාජයට පත් විය.
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගේ ඝාතනය පිළිබදව විමර්ශන කටයුතු සිදු කළ, ජ්‍යේෂ්ඨ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා, ඝාතනයට ට්‍රිපෝලී ප්ලැටූන් සම්බන්ධය අනාවරණය කර ගනු ලැබී ය.

චැනල් ෆෝ නවතම වාර්තා වැඩසටහන සමග එක්වෙමින්, පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා පවසන්නේ, තවදුරටත් රාජ්‍ය බලය ඔවුන් සත-ුව නොතිබුනද, නඩුහඹවලින් ඔවුන් බේරා ගන්නා බව සහතික කරන ප්‍රබල මිත-ුරන් ඔවුන්ට තවමත් සිටින බවයි.

චැනල් ෆෝ සමග එක්ව රහස් හෙළි කිරීමට ඉදිරිපත්ව සිටින හන්සීර් අසාද්, වසර විස්සකට වැඩි කාලයක්, රාජපක්ෂවරුන්ගේ අභ්‍යන්තර කවය සමග සම්බන්ධ වී සිටි අයෙකි.

ලසන්ත ඝාතනය කිරීමට මැදිහත් වූ බවට චෝදනා එල්ල වී තිබෙන, ට්‍රිපෝලී නමින් හැදින්වෙන එම ප්ලැටූනය ගොඩ නගන්නැයි, ආරක්ෂක ලේකම් වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා අදාල පිරිස් වෙත නියෝග ලබා දුන් කාමරයේ තමන්ද සිටි බව හන්සීර් අසාද් පවසයි.

මෙම වාර්තා වැඩසටහන ත-ුළ දී, හන්සීර් අසාද් මවුලානා විසින් සිදු කරන වඩාත්ම ආන්දෝලනාත්මක හෙළිදරව්ව වන්නේ, 2019 වසරේ එල්ල වූ පාස්කු ප්‍රහාරයට හරියටම වසරකට පෙර, 2018 වසරේ දී, ප්‍රහාරය එල්ල කළ තවුහිද් ජමාත් සංවිධානයේ සාමාජිකයන් සහ රාජපක්ෂවරුන්ගේ හමුදා බුද්ධි ප්‍රධානියා වූ සුරේෂ් සලෙයි අතර හමුවක් තමන්ගේ මැදිහත් වීමෙන් සංවිධානය කළ බවයි.

කෙසේ වෙතත්, 2015 වසරේ, මහින්ද රාජපක්ෂගේ පරාජයට පසුව, මැලේසියාවට යවා සිටි සුරේශ් සලෙයි එම චෝදනා ප්‍රතික්ෂේප කරයි. හන්සීර් අසාද් මවුලානා පවසන එම හමුවට තමන් සහභාගී නොවූ බවත්, ඒ වන විට තමන් සිටියේ මැලේසියාවේ බවත් සලෙයි පවසයි.

කතෝලික දේවස්ථාන වෙත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට, ඉන්දීය බුද්ධි අංශ විසින් ලබා දී තිබුණු තොරතුරු මත ක්‍රියාත්මක වී එම ප්‍රහාර වළක්වා ගැනීමට ලංකාවේ අදාල පාර්ශ්ව කටයුත-ු කර නැත.

එමෙන්ම, තවුහිද් ජමාත් සංවිධානයේ සාමාජිකයන් අත් අඩංගුවට ගැනීම පොලිසිය ගත් උත්සාහයන්, හමුදා බුද්ධි අංශ මගින් කරන ලද පැටලැවිලි හේතුවෙන් කඩාකප්පල් වී තිබේ.

ඊට අදාල වාර්තා සහ තවත් තොරතුරු ලබා දෙන්නෙකු විසින් ලබා දී තිබෙන තොරතුරු, චැනල් ෆෝ වාර්තා චිත්‍රපටය තුළ ඇතුළත් ය.

මීට අමතරව, පාස්කු ඉරිදා මීගමුවේ ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් දිවි ගලවා ගත් දෙදෙනෙකු සමග කර තිබෙන සම්මුඛ සාකච්ඡාවක්ද චැනල් ෆෝ වාර්තා වැඩසටහනට එකතු වී තිබේ.

පාස්කු ප්‍රහාරය එල්ල වී තවත් මාස කිහිපයකට පසුව, විශාල ජාතිවාදී රැල්ලකින් ගෝඨාභය රාජපක්ෂ බලයට පැමිණි අතර, ඔහු, නැවත, සුරේශ් සලෙයි, ඔහුගේ බුද්ධි ප්‍රධානියා ලෙස පත්කර ගත්තේ ය.

චැනල් ෆෝ වාර්තා වැඩසටහන තුළ පෙනී සිටින, නිර්නාමික රහස් හෙළිකරන්නෙකු පවසන්නේ, පාස්ක-ු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන කටයුතු සදහා සුරේශ් සලෙයි බාධා කළ බවට ඕනෑ තරම් සාක්ෂි ඇති බවයි.

නමුත් සුරේශ් සලෙයි, ඔහුට එරෙහිව එල්ල වී තිබෙන මේ සියළු චෝදනා ප්‍රතික්ෂේප කරමින් සිටින අතර, ඔහු අදටත් හමුදා බුද්ධි ප්‍රධානියා ලෙස කටයුතු කරමින් සිටියි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka