gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ව්‍යවහාරික පොලිස් උපාධි පාඨමාලාව ඇරඹේ (ඡායා)

ශ්‍රී ලංකා පොලීසියේ නිලධරයන්ගේ වෘත්තීමය දැනුම සහ කුසලතා වැඩිදියුණු කිරීම සඳහා ජාතික පොලිස් අභ්‍යාස ආයතනය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඒකාබද්ධව ආරම්භ කරන ලද “ව්‍යවහාරික පොලිස් අධ්‍යාපන උපාධි පාඨමාලාව” (BA in Applied Police Studies) වෙහි සමාරම්භක උත්සවය මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 04දා පැවැත්විණි.  

අපරාධ වාර්තා කොට්ඨාස ශ්‍රවණාගාරයේ පැවැත්වූ මෙම උත්සවය සඳහා මීට අමතරව එම අමාත්‍යංශයේ ලේකම් – වියානි ගුණතිලක මහතා, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ඇතුළු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ඇතුළු ආචාර්යවරුන්ද, ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරීන් රැසක්ද සහභාගී විය.

එසේම මෙම උපාධි පාඨමාලාවට සහභාගී වීමට නියමිත ප්‍රථම පොලිස් නිළධාරීන් කණ්ඩායම ලියාපදිංචි කිරීමද මෙදින සිදුවිය.

මෙම අධ්‍යාපනික ව්‍යාපෘතිය සඳහා උපාධි පාඨමාලාලාභීන් 150 දෙනෙකු සහභාගී වූ අතර, ව්‍යාපෘතියේ අපේක්ෂාව වනුයේ වෘත්තීමය සහ ගුණාත්මක පොලිස් සේවාවක් ශ්‍රී ලාංකීය ජන සමාජය වෙත ලබා දීම සඳහා අවශ්‍ය මානව සම්පත නිසි සැලසුමකට අනුව සූදානම් කිරීමය.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka