gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සචිත්‍ර සේනානායකට ඇප! කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක්!

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයෙකු වන සචිත්‍ර සේනානායක හට ඇප හිමි ව තිබෙනවා.

ඒ අද පෙරවරුවේ දී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන්.

මෙම හිටපු තුන් ඉරියව් ක්‍රීඩකයාට තරග පවා දීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පසුගියදා චෝදනා එල්ල වුණා.

ඔහුව සැප්තැම්බර් මස 06 වැනි දින අත්අඩංගුවට ගැනුණු අතර, එදින නියෝග කෙරුණේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.

ඉන් අනතුරුව යළිත් උසාවියට ඉදිරිපත් කෙරුණු අවස්ථාවේ දී මෙම මස 25 වැනි දින එනම් අද දින තෙක් සචිත්‍ර ව රක්ෂිත බන්ධනාගාරයේ තැබීමටයි විනිසුරුවරයා නියෝග කළේ.

ඒ අනුව අද පෙරවරුවේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේ දී සැකකාර චූදිත පාර්ශ්වයට ඇප ලබාදීමට අධිකරණ විනිසුරුවරයා තීරණය කළා.

සචිත්‍ර සේනානායක 2020 වසරේ පැවති ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ පළමු වටයේ තරගවල දී ඩුබායි සිට ක්‍රීඩකයින් දෙදෙනකුට දූරකථන ඇමතුම් ලබා දී ඔවුන් ව තරග පාවාදීම සඳහා පොළඹවා ගැනීමටයි උත්සාහ කර ඇත්තේ.

තරග පාවාදීමට හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වන ධම්මික ප්‍රසාද් සහ යොවුන් ක්‍රීඩකයෙකු වන තරිඳු රත්නායක පොළඹවා ගැනීමට සචිත්‍ර උත්සාහ දරා ඇති බවත් හෙළි ව තිබෙනවා.

ඒ අනුවයි ඔහුට එරෙහි ව මෙම වසරේ අගෝස්තු මාසයේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය පරීක්ෂණයක් ආරම්භ කිරීමෙන් පසු මොහුට එරෙහි ව තුන් මසක විදෙස් ගමන් තහනමක් ද පැනවූයේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka